|30|

2.3K 352 190
                                    

"යකෝ නවත්තපන් බන් දැන්..."

"..................."

"යකෝ..කේශ් මචන්..."

"........................"

"කෝ දැන් ඒ පාර උබ....හෙලෝ කතා කරපන්...."

"හෙ..හෙලෝ...සු..සුහා......."

"හෙලෝ... උබ කොහෙද ඉන්නේ බන්... මමත් බලනවා මේ.. අම්ම අරෙහේ බය වෙලානේ උබ... මොනවද යකෝ කරන්නේ..කියපන් ඉන්න තැනක් මන් එන්නම්..."

"නැ..නෑ ඔයා එ..එන්න එපා... මන් මේ .. පොඩ්ඩක් එලියට ආවා මන් තියනවා..."

කෝල් එක කට් උනාම සුහාන් ඇගිලි තුඩු දෙකෙන් නලල මිරිකගත්තා... සුහාන් ඇහැරුනේම කෝල් එකට.. ඒ කේශ්ගේ අම්මගෙන්.. සාමාන්‍යෙන් කේශ් නයිට් හින්දා ගෙදර නැති එක අවුලක් නෑ.. නැත්නම් කේශ් සෙනසුරාදට නිවාඩු හින්දා සිකුරාදම එනවා සුහාන්ගේ ගෙදර එහෙම නැත්නම් ඉතින් ගෙදර...

උදේ කේශ්ගේ අම්මා සුහාන්ට කතා කරලා ඇහුවේ කේශ් මෙහේ ආවද කියලා...සාමාන්‍යෙන් කේශ් කොහෙ හරි විශේශයෙන් යනවා නම් සුහාන්ට මැසේජ් එකක් හරි දානවා.. අම්මා කිව්ව විදියට කේශ් දවස දෙකක් ගෙදර ඇවිත් නෑ... සුහාන් ඒත් හිතුවා සෙනසුරාදා දවල් වෙලා එයි කියලත්..

එදා අර සිද්ධියෙන් පස්සේ නිශ්නර ලන්ච් එක අරන් චැනල් එකට ගියා තිනූ හවස් වෙනකන් ඉන්නවා කිව්ව හින්දා.. නිශ්නර නම් ලෑස්ති උනේ තිනූව ඇදන් ගිහින් ගෙදරින් දාලා යන්න.. ඒ උනාට තිනූට ඕනයි කියපු හින්දා නිශ්නර ගියා... තිනූ උදේ වැඩ කරපු හින්දා හවස් වෙනකන් ෆිල්ම් එක්කුත් බලලා දෙන්නත් එක්ක , ආයේ කිචන් එකට වෙලා සුහාන් අස් කරනකන් ඔහේ කියව කියව ඉදලා හවස ගියා..ගියා කිව්වට හවස් වෙලා කේශ් ආවම කේශ් එක්කම ගියා...

එදායින් පස්සේ කේශ් සුහාන්ට කතා කරේම නැද්ද මන්දා..මොනා උනත් එදා නිශ්නරයි තිනූයි ගෙදර ආපු එකට කේශ් අවුලෙන් හිටියේ... කේශ් හිතන්නේ ඒ දෙන්න එනවා දැනගනත් කේශ්ට කිව්වේ නෑ කියලා... කේශ් එක්ක ඒක් ගැන වැඩිය තියා කොහොමත් කතා කරන්න බැරි උනා මොකද කේශ් ඇත්තටම ඒක ගැන කතා කරේ නෑ.. හවසත් වෙනදා වගේ හරහටවත් මුකුත් නොකියා තිනූත් එක්ක ගියාම සුහාන්ට අවුල් ගියා... සුහාන්ගේ ශෙඩියුල් එක පොඩ්ඩක් හිර වෙලා තිබ්බ හින්දා සුහාන්ට කොහොමවත්ම නිදහසක් තිබ්බේ නෑ...

• විස මාත්‍රා......,•ɴᵒⁿғⁱᶜᵗⁱᵒⁿ , ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now