"කට කැඩෙනකන් කිව්වත් වැඩක්ද ඉතින්..."
"තියන පන්ඩිත කමනේ....බලනවා මෙතන කොච්චර නිල් වෙලාද කියලා..."
"මම කට කැඩෙනකන් කීවා ගෙදර එන්න කියලා... ඇහුවද... ඇහුවද..."
"ආආආඅයි.. ඔච්චර තද කරන්න එ......"
"වහගන්නයි කීවේ කට.....!"
තිනූ තොල් දෙක තද කරගත්තම සුහාන් තිනූගේ නිකටෙන් අල්ලලා උස්සලා අතේ තිබ්බ පොට්ටනියෙන් තව ටිකක් තද කරා...
"ඔයා කොහෙද යන්නේ... ඔයත් ඉදගන්න..!"
පුටුවෙන් නැගිටින්න ගිය නිශ්නර ආයෙත් ඉදගත්තා..සුහාන් මේ දෙන්නටම බැන බැන තිනූගේ කම්මුල තවනවා... වෙලාව හතත් පහු වෙලා... දැන් තමයි ගෙදරට ආවේ..සුහාන් නැටුවේ නැති ටික විතරයි තිනූට ඩඩාත් එක්ක ගෙදර එන්නයි කියලා.. ඒ උනාට තියන් අති පන්ඩිත කමට ක්ලාස් ඉන්නම ඕනයි කියලා හිටියා.. බොරුවටනේ මොනවා පාඩු වෙන්නද තිනූට ඕවා සුහාන් ගෙදර උගන්නනවනේ... ඒ උනාට ඉන්නම ඕනයි කියලා නිශ්නර ලව්වා කලිසමත් හෝදව ගත්තා සුහාන් අත් දෙක බැදන් තද වෙලා හිටපු හින්දා.. නිශ්නර කිව්වට තිනූ ඉන්නම ඕනයි ගාපු හින්දා පොඩ්ඩක් මූන බලලා තුවාල තියනවද බලලා නිශ්නර ගියා,, වැඩ අස්සේ ඇවිත් හිටපු හින්දා.. අනික ඔය මන් නම් බලන්නේ නෑ ගාලා කෑ ගැහුවට තිනූගේ එක එක්ස්ප්‍රෙශනෙකක් වෙනස් උන ගමන් සුහාන් තමයි නටන්න පටන් ගන්නේ කියලා දන්න හින්දා නිශ්නර බය නැතුව ගියා...
සුහාන්ට ඉතින් පෞද්ගලික හේතු හින්දා අනිත් ලමයිනේ වැඩ පාඩු කරන්න බෑනේ... ටිකක් දුර ලමයි පවා නතර වෙලා ඉන්න එකේ ඒ ලමයින්ට සාධාරනයක් කරන්න ඕන හින්දා පිටිපස්සෙම පෝලිමට වෙලා යීශාරගෙන් මොනා හරි කන පිරෙන්න අහගන්න තිනූට රව රව ඉගැන්නුවා... මොන මගුලකට මේ මරාගන්නවද කියලා සුහාන් දන් නෑ.. ඇහුවට කියන්නෙත් නෑනේ.. ඒ උනාට සුහාන් බලාගෙන නිශ්නර තිනූගේ අන්ඩක් අල්ලන් ටැප් එකෙන් හෝදවන වෙලේ පඩිපෙල බැහැන් ඇවිත් කනුවක් අස්සෙන් බලන් හිටියා... මූනත් එක්ක රතු වෙලා කොල්ලගේ... ඊගාවට සුහාන් බලන් තිනූ එක්ක ක්ලාස් එකට ආවම කලින් ක්ලාස් එකේ තිබ්බ තිනූගේ බෑග් එකත් උස්සන් ඇවිත් තිනූ ගාවින් වාඩි වෙලා තිනූගේ වැලමිට යීශාරගේ සාක්කුවේ තිබ්බ ලේන්සුවකින් මූනත් බෙරි කරගෙන බදිනවා... එහෙම හරි යාලුවෙක් මේ නාහෙට අහන් නැති ඇට්ටරයට ඉන්නවනේ කියලා හිතලා සුහාන් හිත හදාගත්තා... හැබැයි බෝම පොඩි වෙලාවයි යීශාර තිනූ ලියන්න අරන් අත වද්දන් මූන දෙක කරගන්න පාර ගානේ තිනූගේ කන ගාවට ලන් වෙලා බයිනවා.. අන්තිමට කන ගාවින් බයින් යීශාරයි, ඉස්සරා ඉදන් රවන සුහානුයි දෙන්නම දිහා බලලා තිනූ ඔලුව තියාගත්තා.. ඊගාවට හවස ක්ලාස් ඉවර කරලා තිනූව සුහාන් එක්කන් එනකොට වාහනේ ගාවට එනකන් යීශාර තිනූගේ බෑග් එකත් අරන් ඇවිත් ශීට් එකෙන් ඉදගත්තම තිනූගේ ශර්ට් එකත් හදලා තමයි ගියේ.. සුහාන් හැදුවේ යීශාරවත් මගට ඇරලවන් යන්න.. ඒ උනාට මේ ලග කියලා සුහාන්ට බයෙන් වගේ කොල්ලා ඉක්මනට දුවන් ගියාම සුහාන් තිනූට රවලා වාඩි වෙලා ඩ්‍රයිව් කරන් ගෙදර ආවා..
YOU ARE READING
• විස මාත්‍රා......,•ɴᵒⁿғⁱᶜᵗⁱᵒⁿ , ᵒⁿᵍᵒⁱⁿᵍ
Fanfictionවිස වුවත් නිවැරදි මාත්රාවෙන් ගත් කල එය ඖෂධ විය හැක....' එහෙත්, ඖෂධ මාත්රාව ඉක්මවූ පසු එය නොසිතන තරම් විස විය හැක......! . . . . • විස මාත්‍රා...,• ___________________________Dark_Sunshiner 🤍🥀 🚫කතාවේ නම් , සි...