"මෙහෙ දීපන් ඔය අන්ඩ..."
"අහකට පලයන්... මේ ටික මගේ.."
සුහාන් තනිකරම රෝස්ට් කරපු චිකන් තිබ්බ බෝල් එක අරන් තුරුල් කරගත්තම කේශ් භාගෙට ඇස් දෙකත් පියාගෙන කටෙත් අන්ඩක් තියාගෙන ඉන්න සුහාන්ගේ කටේ තිබ්බ අන්ඩ ඇදලා ගත්තම අර ලොකු දත් වලින් අල්ලන් හිටපු මස් ටික සුහාන්ගේ කටේ ඉතුරු වෙලා ඉතුරු ටික කේශ්ගේ අතට ආවා...
"ඉකේ..කෙල බලකෝ... අම්මේ මේ බලන්නකෝ සුහාන් මට දෙන්නේ නෑ..."
"මන් දැන් ඔතෙන්ට එන්න කලින් දෙන්නගේ රන්ඩුව නවත්තගන්න හරි... ආවොත් දෙන්නගෙන් කාටවත් නෑ මන් ඔය ටික අරන් එනවා... !"
කේශ්ගේ අම්මා කිචන් එකේ ඉදන් මහ හයියෙන් බෙරිහන් දුන්නම සුහාන් දිව අදලා අර කටේ තිබ්බ ටික කාලා සෝඩා ටිකක් බීවා.. බීලා වෙරි වගේ ඇස් දෙක පියාගත්තා...
මූව නම් හදන්න බෑ වගේ කේශ් බියර් කෑන් එකෙන් ටිකක් බීලා ඔලුව දෙපැත්තට වැනුවා...
"දන් වෙරි වගේ හැසිරෙන එක නවත්තලා කියපන්කෝ මොකක්ද කියලා..."
කේශ් සුහාන්ගේ අති විශාලා මධ්‍යසාර සෝඩා ග්ලාස් එක ඇදලා අරන් වෙන ග්ලාස් එක්කට ස්ප්‍රයිට් ටිකක් දාලා සෝස් ටිකක් ප්ලේට් එකට හැලුවා... හලලා ඒකත් ලගට කරාම සුහාන් බෝල් එකෙන් අන්ඩක් අරන් සෝස් වල ගාගෙන කන්න ගත්තා... කේශ් සුහාන් භාගෙට කාපු කට්ට කන්න ගත්තා බල්ලා වගේ... අම්මටත් කීවට වැඩක් නෑනේ... මෙතන ඇත්තටම වෙරි මනුස්සයා කේශ්...
"උබ දන්නවනේ මට මේවා කියන්න කවුරුත් නෑ කියලා..."
"ඉතින්..."
"උබ මන් ගැන වැරදියට හිතන් නෑනේ..."
කේශ් හප හප කියවන සුහාන් දිහා බැලුවා... බියර් ස්ප්‍රයිට් අරවා මේවා ගොඩාක් උස්සන් සුහාන් කේශ්ලාගේ ගෙදරට කඩන් වැදුනේ අද ඉන්නමයි... ඒකත් බොන්න... බය නැතුව බොන්න පුලුවන් කේශ්ගේ ගෙදර... දැන් මේ දෙන්නත් එක්ක කේශ්ගේ බැල්කනියට වෙලා පොඩි ටේබල් එක්කුත් තියන් අම්මට කියලා හදවගත්තු චිකන් ටිකටත් වැඩේ දෙන ගමන් බොනවා..බොනවා කීවට කේශ් බොනවා සුහාන් වෙන ඒවා බොනවා...
YOU ARE READING
• විස මාත්‍රා......,•ɴᵒⁿғⁱᶜᵗⁱᵒⁿ , ᵒⁿᵍᵒⁱⁿᵍ
Fanfictionවිස වුවත් නිවැරදි මාත්‍රාවෙන් ගත් කල එය ඖෂධ විය හැක....' එහෙත්, ඖෂධ මාත්‍රාව ඉක්මවූ පසු එය නොසිතන තරම් විස විය හැක......! . . . . • විස මාත්‍රා...,• ___________________________Dark_Sunshiner 🤍🥀 🚫කතාවේ නම් , සි...