"ඔබේ සුසුම් පවන් සලයි..
මගේ කොපුල් පුරා වෙලෙයි
ඔබේ සෙනෙහස ගොඩ ගලයි
උනුහුමට මාව තෙමෙයි..."වාහනේ රේඩියෝ එකෙන් ඇහුන සින්දුවම ආපස්සට මුමුනන ගමන් සුහාන් වාහනේ හෙමින් හෙමින් ඩ්‍රයිව් කරන් ගියා.. කලුවරත් වැටීගෙන එනකොට කොහෙවත් නැති වැස්සකුත් කඩන් වැටෙන්න පටන් අරන්... එහෙට මෙහෙට වෙලා වීදුරුවේ පිහෙන වතුර බින්දු අස්සෙන් වාහන වලින් වැදෙන කහ පාට එලිය දිහා බලන් සුහාන් කල්පනාවක..
-"හෙලෝ කේශ්..."
="කොහෙද ඉන්නේ ගෙදරට ගියාද...."
-"ම්ම් තාම යන ගමන්...."
="අහ් ඒමද..ඒනම් මන් තිබ්බා මචං පරිස්සමට පලයන්..පොඩි වැඩක ඉන්නේ..."
ඒ ගමන්ම අනිත් පැත්තට කේශව් කෝල් එක කට් කරාම සුහාන්ට ඇයි වත් අහන්න උනේ නෑ.. ඒ ගැන වැඩිය නොහිතා සුහාන් රිමෝට් එකෙන් ගේට් එක ඕපන් කරන ගමන් වාහනේ ඇතුලට දැම්මා...
වොශ් එකක් දාගෙන කෝපි එක්කුත් හදන් ජනේලේ ගාවින් වාඩි උන සුහාන් බිමට වැටෙන වතුර සද්දේ අහන් කෝපි එක තොල ගාන්න ගත්තා...
නිශ්නර දෙව්හාන්... නිශ්නර කියන නම හුරුයි හොදටම හුරුයි.. සුහාන්ට මතක නෑ ඒ මොකක්ද කියලා හරියටම... අනික ඒක ඒ වෙලේ අහන්න හැදුවත් ඒ ඇස් දෙකේ බැල්ම දැක්කම සුහාන්ට මුකුත් අහන්න හිතුන් නෑ... සුහාන්ට මතක් උනේ ලියාන්ගේ රිපෝට් ටික දුන්නම ඒ මූන කේන්තියෙන් පිරුනු විදිය..
""අයිම් නිශ්නර.. නිශ්නර දෙව්හාන් තේනුවර... ලියාන්ගේ ඩෑඩ්..."
"අහ්..."
"yes...ඔයාට ලියාන් එක්ක තියන සම්බන්දේ මොකක්ද... මන් දන්න් විදියට ලියාන්ට මෙහෙ යාලුවෝ ඉන්න බෑ..."
"මිස්ටර්ට පේනවද මම ලියාන්ගේ යාලුවෙක් වගේ.. මම ආවේ හොස්පිටල් එකේ රිපෝට්ස් ටික දීලා යන්න..."
"wait..what reports?"
"මට හිතෙන්නේ ලියාන් ඊයේ පරක්කු උන හේතුව ලියාන්ගේ ඩෑඩ් තවම දන්නේ නෑ වගේ..."
නිශ්නරගේ මූනේ තිබ්බ ව්‍යාකූල පෙනුම දිහා බලන් සුහාන් අතේ තිබ්බ රිපෝර්ට්ස් ටික දික් කරාම නිශ්නර ෆයිල් එක අරන් පෙරලන්න ගත්තා.. තිබ්බ දේවල් අදුරගන්න ඒතරම් වෙලා ගියේ නෑ.. අනික හොස්පිටල් එකේ නම දැක්කමයි නිශ්නරගේ මූන තවත් පුදුමෙන් පෙනුනේ...
YOU ARE READING
• විස මාත්‍රා......,•ɴᵒⁿғⁱᶜᵗⁱᵒⁿ , ᵒⁿᵍᵒⁱⁿᵍ
Fanfictionවිස වුවත් නිවැරදි මාත්‍රාවෙන් ගත් කල එය ඖෂධ විය හැක....' එහෙත්, ඖෂධ මාත්‍රාව ඉක්මවූ පසු එය නොසිතන තරම් විස විය හැක......! . . . . • විස මාත්‍රා...,• ___________________________Dark_Sunshiner 🤍🥀 🚫කතාවේ නම් , සි...