සුහාන් විනාඩි ගානක් එහෙම ඉන්න ඇති.. ඒත් එක්කමට නිශ්නරගේ සාක්කුවේ තිබ්බ පෝන් එක වයිබේට් වෙන්න ගත්තා... සුහාන් එහෙමම තමන්ගේ අතින් තද කරන් හිටිය නිශ්නරගේ අත් දෙක බුරුල් කරලා අතෑරියා... නිශ්නර එක අතක් ඉස්සරහට අරන් සාක්කුවෙන් පෝන් එක අරන් බැලුවා... සුහාන් බැලුවේ නෑ ඒත් සුහාන් දැක්කා... සේව් කරපු නැති නම්බර එකක් කියලා.. නිශ්නර සුහාන් ඉන්නවා කියලා හිතන් නැතුව කෝල් එක ආන්ස්වර් කරලා කනේ තියාගත්තම සුහාන් එහෙමම ඔලුව අරන් නිශ්නරගෙන් ඈත් උනා... එහා පැත්තෙන් ලේඩි වොයිස් එකක් ලාවට ඇහෙනකොට සුහාන් එහෙමම කාමරෙන් එලියට ඇවිත් දොර වැහුවා...
Okay .. සුහාන් දැන් ගෙදර යන්න ඕන... සුහාන්ට මේ දවස් කීපේ ඇතුලත වෙච්චි දේවල් ටිකක් වැඩියි වගේ දැනුනේ.. හිනා වෙලා ඉන්නේ, හොදට කතා කරන්නේ සම්පූර්නෙන්ම හොදින් ඉන්න මිනිස්සු නෙවෙයි.. සුහාන් මොන මගුල හිතුවත් නිශ්නරගේ හිත කීරි ගැහෙන වචන ඇහුවාම හිතුනා නොදැනුවත්වම මනුස්සයෙක්ගේ හිත මොන තරම් රිදෙන්න පුලුවන්ද කියලා.. සුහාන් හිතුවේ එයාගේ ගැන විතරයිනේ, ඒත් සුහාන් වැරදි නෑ.. සුහාන් නිශ්නර අතරේ එහෙම සම්බන්ධයක් නෑ... එතකොට කාගෙද වැරැද්ද.. මෙතන කාගෙවත් වැරද්දක් නෑ. මෙතන වැරැද්ද මේ සිටුවේශන් එක,, ඒම නැත්නම් මේ හැමදේම වෙලා තියන් විදිය..
නිශ්නර කියන්නේ සම්පූර්නයෙන් වැඩ අස්සේ හිර වෙච්චර කිසිම නිදහස්ක නැති මනුස්සයෙක්.. සුහානුත් ඒමයි.. ඒත් සුහාන්ට වැඩිය දහස් ගුනේක වගකීමක් පීඩනයක් නිශ්නරට තිබ්බා...සුහාන්ට ඒක තේරෙනවා... පොඩි කාලේ වගේ එයාලට බෑ හිත රිදුනා, දුක හිතුනා කියලා කන්නේ බොන්නෙ නැතුව, මුකුත් නොකර ගෙදරට වෙලා ඉන්න.. ටික ටික ලොකු වෙනකොට වය්සට යනකොට මිනිස්සුන්ට තේරෙන්වා තමන්ගේ ජීවිතේ කොයි තරම් දේවල් කොච්චර බැලන්ස් කරන්න ඕනද කියලා... ඉස්සර පොඩි කාලේ මහ ලොකුවට දැනුනු දේවල් දැන් හිත පැත්තකින් ඉතුරු කරන් ඉන්නවා.. ඒම තමයි ජීවිත වෙනස් වෙන්නේ මිනිස්සු පරිනත වෙන්නේ...
"තේ බොන් නැද්ද.. සර්..."
එතකොටම සුහාන් දැක්කේ ඉස්සරහා දොරෙන් කෝප්ප දෙකක් අතේ තියන් එන තිනූ.. හරිනේ සුහාන්ට තේ බොන්නත් අමතක උනා... මේ ඔක්කොමත් එක්ක.. සුහාන් නහය උඩට ඇදලා හිනා උනා...
YOU ARE READING
• විස මාත්‍රා......,•ɴᵒⁿғⁱᶜᵗⁱᵒⁿ , ᵒⁿᵍᵒⁱⁿᵍ
Fanfictionවිස වුවත් නිවැරදි මාත්රාවෙන් ගත් කල එය ඖෂධ විය හැක....' එහෙත්, ඖෂධ මාත්රාව ඉක්මවූ පසු එය නොසිතන තරම් විස විය හැක......! . . . . • විස මාත්‍රා...,• ___________________________Dark_Sunshiner 🤍🥀 🚫කතාවේ නම් , සි...