ජනාකීර්ණ නගරෙක ජනාකීර්ණ වීදියක තමන්ගෙ කලු පාට ලැම්බොගිනියට හෙත්තු වෙලා යාදව් හිස් අහස දිහා බලාන හිටියෙ බස් එකක් එනකල්.
කොටුව කොටුව කොටුව පිටකොටුව - පාරක් අයිනෙ මම හිටිය
අඩිය අඩිය අඩිය තියන්නට - බෑ රෑ සිද්දිය මට මතක් වෙන
තැලිලා තැලිලා පොඩි වෙලා - තෙරපිලා කැරකිලා යන මේ නගින එක
විදලා විදලා පිඹලා ගියත් - කොල්ලව දෙන්නෙ අද හයට
චාර්ලිගෙ කොලුපැක්ටෙරිය තිබුන තැබෑරුමට ඉස්සරහා නැවතුම්පලෙ බස් එකක් නතර වෙනකොට එලියටත් ඇහුනා කන් අඩි පුපුරන්න දාල තිබුන එ සිංදුව.
සෙනග මැද්දෙන් මතුඋන නිල් පාට ටී ෂර්ටයක් ඇඳපු කිරි පාට කොන්ඩෙ මූණට එනකල් වැටුන කොල්ලෙක් බාටා සෙරෙප්පු දෙකක් දාගෙන පාර පැනලා තැබෑරුම පැත්තට එනකොට යාදව් හිටියෙ අහක බලාගෙන.
අහපු කතා වල හැටියට පොඩි හාදයාට මූණ දෙන එක ලොකු හාදයට සෑහෙන්ට අමාරු පාටයි.
"යමු."
ලඟටම ආපු පොඩි හාදයගෙ හඬින් ගැස්සිලා ගියපු ලොකු හාදයා දාගෙන උන්නු අව්කණ්නාඩි දෙකට යටින් හෙමින් සීරුවෙ අභී දිහා බැලුවා.
"ම්.... ?"
"චාර්ලි සර් කිව්වා යාදව් සර් අදත් මාව රෙන්ට් කරා කියලා. මම නගින්ද ?"
සෑහෙන ගරු නම්බු දීලා කතා කරපු අභී එහෙම ඇහුවෙ කලු පාට ලැම්බෝගිනිය ඇස් කොනින් පෙන්නන ගමන්.
"හ්ම්...... නගින්න........ නගින්න......"
රෝද හතර ඔහේ කැරකෙන්න ඇති , කාලයත් ඔහේ ගෙවිලා යන්න ඇති , හුස්මත් ඔහේ වැටෙන්න ඇති, නැගපු අය නැග්ග තැන් වල ඉඳගෙනත් ඇති , කෙනෙක් ඔහේ එලවගෙන යනවත් ඇති.
ඉහල පෙලේ රෙස්ටුනරන්ට් එකක ඉස්සරහින් යාදව්ගෙ ලැම්බෝගිනිය නතර කරන තාක් කල්ම ඒ දෙන්නා අතර හුවමාරු උනේ නෑ එක වචනයක්වත්.
නිහඬතාවය වනාහි වචන දහසකටත් වඩා ප්‍රබල හැඟීමකි.
"බහින්න....."
"මෙතන ?"
"කන්න යන්නෙ....."
"කෑමද ?"
YOU ARE READING
කොල්ලෙක් කුලියට දීමට ඇත. ( complete ) +18
Non-Fictionආලය යනු දී කිරි නම් රතිය යනු කිතුල් පැණිය.