"යා...........දා...........ව්......."
"චා.....ර්.........ලේ................... මාව හොස්පිල් ගිහින් දාන්න අයියෝ..........."
ජනාධිපති මන්දිරයේ බේස්මන්ට් එක හෙවත් යාදව්ගෙ රහසිගත සැඟවුන පොට් එකේ බාල්ක දෙකක් අලලා වැල් තොටිල්ලක් බැඳගෙන සිවිලිමේ හේත්තු වෙලා බෙඩ් සීට් එකක් පොරවගෙන හිටපු යාදව් ලතෝනි තියන්න පටන්ගත්තෙ දුක අහන්න විසිට් එක්කට ආපු සුමිතුරු මිතුරු චාර්ලිට.
"මොකද පගෝ ඔය බේස්මන්ට් එකේ එල්ලිලා කරන්නෙ ! තෝ මකුළුවෙක් කියලද හිතාගෙන ඉන්නෙ ?"
බිම තිබුන සෝපාවක උඩ බලාගෙන ඉඳගත්තු චාර්ලි එහෙම ඇහුවෙ කටත් ඇද කරගෙන.
"මම තමා විරහවට පත් වී ලය පැලී මිය ගිය ස්පයිඩර් මෑන් ! චක චක චක චකස් !!!"
සුලැගිල්ලයි දබරගිල්ලයි දික් කරගෙන අනිත් ඇඟිලි තුන නමාගෙන චාර්ලිගේ පැත්තට දික් කරපු යාදව් කටෙන් සද්දෙකුත් දැම්මෙ තාත්වික බව අඟවන්න.
"මේ උතුම් මාතෘභූමියට අපහාස කරන්න එපා යාදව් ! ඔතනින් වැටිලා තෝ මලොත් උක්කෑම නිසා අගතියට පත් ජනපති මුනුපුරා පුක පැලී මිය යයි කියලා පත්තරෙ විස්තරේත් යයි. මට චමුදිතගෙ කටහඩෙන්ම ඇහෙනවා වගේ පකෝ........ බැහැපිය බිමට !!!"
කොහෙන් කොහොම එතන්ට නැග්ගාද කියලා හිතාගන්න බැරි උන චාර්ලි යාදව්ට බිමට කතා කරේ පොඩ්ඩක් ඔලුව අවුල් වෙච්ච ගමන් කොච්චි පීලි පයිනවටත් වඩා සැරට තම මිතුරාගෙ ට්රැක් පනිනවා කියලා දන්න හන්දා වෙන්ඩෑති.
"ඉඳලා වැඩක් නෑ............ නින්ද යන්නෙ නෑ........ මේවා හිතලා හිතලා මගේ නාඩි වැටෙන්නෑ........ සුජු සීයේ...... කිරි පුතාගෙ මිල්ක්ෂේක් කොලුවා ෆෝන් එක ආන්සර් කරන්නෑනේ...... කියලවත් කියන්න තිබ්බා. කොහෙද ඉතින් ඒ නාකි පප්පත් නියිජීරියාවෙ නිල සංචාරයකට ගිහින්නෙ !"
කටත් ඇද කර කර යාදව් එහෙම කිව්වෙ වැල් තොටිල්ලෙ හිල් අස්සෙන් චාර්ලිගෙ මූණ දිහා බලාගෙන.
"මට කොල්ලා කෝල් කරා....."
"හෑ ! මගේ කෝල් තමා ආන්සර් කරන්න බැරි උට, කැරි හුකන පොඩි එකා..... මොකද කියන්නෙ ඌ කෝල් කරලා ?"
YOU ARE READING
කොල්ලෙක් කුලියට දීමට ඇත. ( complete ) +18
Non-Fictionආලය යනු දී කිරි නම් රතිය යනු කිතුල් පැණිය.