"ජනාධිපති අචින්ත රණසිංහ.... ලොකු වැඩක්ද ?"
හිටපු ජනාධිපති මෙවින්ද දුණුකේආරච්චි එහෙම ඇහුවෙ මේසයක් ගාව ඉඳගෙන මොනාදෝ කුරුටුගාන ජනාධිපතිගෙන්.
"හ්ම්....."
"මොකද්ද ?"
අචින්තගෙ උරහිස් දෙක උඩින් අත් දෙක තියලා අර කුරුටුගගා ඉඳපු කොලේට නැවුන මෙවින්ද ආයෙමත් ඇහුවෙ සෑහෙන කුතුහලෙන්.
"අලුත් ගෙයක් ඩිසයින් කරනවා."
අචින්ත කිව්වෙ ඔලුවවත් උස්සලා බලන්නැතුව.
"ඒ ගෙදරටනම් අපේ කිරි පුතාව වද්දගන්න එපා !"
"ඇයි ඒ ?"
මෙවින්ද එහෙම කියනකොට නම් අචින්ත ඒ මූණ දිහා බැලුවා ඔන්න නලලත් රැලි කරගෙන.
"ඒ ගෙදරදිත් අපේ කිරි පුතා මිල්ක්ෂේක් කොලුවා එක්ක රෑට රෑට උක්කලා සෑහෙන්ට අලාබහානි කරයි. ඔයාට කියන්න අචී, පෙරේදාත් අපේ ගෙදර බාත්රූම් එකේ සින්ක් එක කැඩුවා උන් දෙන්නා....."
මේසෙ උඩ තිබ්බ පැකට්ටුවෙන් ටිපි ටප් අහුරකුත් කටට දාගෙන අචින්තගෙ ඉස්සරහා පුටුවෙන් වාඩිවෙන ගමන් මෙවින්ද එහෙම කිව්වෙ ඔලුවෙ අතකුත් තියාගෙන.
"හාහා ! කලබල වෙන්න එපා මෙවී... තරුණ කොල්ලොනේ. ඇයි මතක නැද්ද අපි තරුණ කාලෙ මම පක්ෂෙ කඩාගෙන ගියා කියලා ඔබතුමා සෙන්කෝලෙ හප හප ඇඬුවෙ."
"ඒවා වෙනයි මේවා වෙනයි අචී.... මේ තරුණ පරම්පරාව හැදීගෙන එන්නෙ අන්තිම නරක විදිහට. අනික අපි තැන් තැන් වල උක්කෑවෙ නෑනෙ, එදා ඔබතුමා බේරෙ වැවට වැටෙන්න ගිය දවසෙත් මම කීපාරක් හිතලද අතෙන් අල්ලගත්තෙ."
පුරාන කාලයේ දවසක් අචී මෙවී දෙන්නා පාර්ලිමේන්තු විවාදයක් මැද්දෙන් හොරෙන් පැනලා ආරක්ෂකයොන්ට කොලේ වහලා ඇවිල්ලා පාර දිගේ කඩල ගොට්ටක් කකා යනකොට වෙච්ච සිද්ධියක් ගැන මතක් කරනකොට දෙන්නගෙම මූණ වල තිබුනෙ හිනාවක්.
"ඒක නෙවෙයි හිටපු ජනාපතිතුමා, දැන් දානේ වැඩ සේරම ලෑස්තිද ?"
"ආහ්.......එ්වා හරි ඒවා හරි. කොල්ලො දෙන්නා ඉන්නවනේ, කිරිදුවත් ආවානෙ රට ඉඳලා ගිය සතියෙ. අනික කිරිපුතාගෙ අම්මාටත් දැන් සෑහෙන්ට සුවයි."
YOU ARE READING
කොල්ලෙක් කුලියට දීමට ඇත. ( complete ) +18
Non-Fictionආලය යනු දී කිරි නම් රතිය යනු කිතුල් පැණිය.