"සන්දෝල්....... සන්දෝල්..... සන්දෝල්......මල ජංජාලයයි ඕයි !"
උදේ පාන්දරම හති දාගෙන දුවගෙන ඇවිත් නාටක කාමරේට කඩාගෙන වැදුනු ජනිඳු කතා කරේ ඇතුලෙ බත් කකා උන්නු අභිෂේක් දිහා බලාගෙන.
සන්දුල් සහ ජනිඳු කියන්නෙ එක පන්තියෙ ඉන්න ළමයි දෙන්නෙක් හන්දා මොකක්හරි වැඩකට වෙන්ඩෝනි එන්න ඇත්තෙ කියලා පොඩි හාදයා දැනටමත් නිගමනය කරලා ඉවරයි.
"මොකෝ බං මේ පුක ගිණිඅරගෙන වගේ කෑ ගහන්නෙ ?"
සන්දුල් එහෙම කිව්වෙ තඩි බිත්තර කෑල්ලක් දාගෙන තව බත් කටක් අනන්න ගමන්.
"අපේ ඉස්කොලේ හොල්මන් ඉන්නවලු !!!"
"ඈ ?"
"ඩීජේ එක දවසෙ රෑ අපේ දෙන්නෙක් දාලා ගියපු වතුර බෝතලයක් ගන්න සෙක්ෂන් එකේ තුන්වෙනි තට්ටුවට යන්න ගියාලු. ඒ යනකොට කෙරවලේ පන්තියෙන් ඇහුනලු මේසයක් මහ හයියෙන් චරස් බරස් ගානවා. ඒත් එක්කම හිනාවෙනවලුත් ඇහෙනලු. බැලින්නම් ඒ අපේ පන්තිය යකෝ ! මමයි උඹයි විතරයි බං කොල්ලොන්ට කියලා අද ඇවිල්ලා තියෙන්නෙත්. කෙල්ලො ටික නම් නප්පෙට බය වෙලා ඉන්නෙ අන්න....."
ගෑල්ලමෝ කෙසේ වෙතත් ජනිඳු නම් හිටියේ නොසෑහෙන්ට බය වෙලා කියලයි ඒ කතා කරපු විදිහෙන් තේරුණෙ සන්දුල්ට.
"අඩෝ සිරාවට ! මරුනෙ බං..... මෙකෝ කියන්නෙ බොයිස්, කොමස් සෙක්ෂන් එකේ තොවිලයක්වත් නටමුද ඔය බූත දෝස දුරු වෙන්න කියලා ? අභී ගුරා එතකොට මම තමා යකා ඈ......."
නිකිල් එහෙම කිව්වෙ සෑහෙන උද්යෝගයකින්.
"මේහ්....ඒක නෙවෙයි ජනිඳු,"
"එහෙනම් මොකද්ද අභී ?"
කටේ පුරෝගෙන ඉඳපු බත් කට හෙමින්සීරුවෙ ගිලපු අභිෂේක් ජනිඳුට කතා කරනකොට ජනිඳු උනත් උත්තර දුන්නෙ පැනගෙන.
"හොල්මන් රෑට රෑට ඉස්කෝල වලට එනවලු බං උක්කන්න, ඔයාලගෙ පන්තියෙ බ්ලැක්බෝඩ් එකේ සුදු පාට මොනාහරි තිබ්බද ?"
"දෙයියාන්දුරුනේ අභී ! තමුසෙට සාස්තර කියන්න පුළුවන්ද ඒයි ? ඊයේ ඉස්කෝලෙ ඇවිත් තියෙන්නෙ ගෑණු ළමයි දෙන්නෙක් විතරලු, පිහදලා පිහදලා බැරිම තැන උන් බ්ලැක්බෝඩ් එක හේදුවලු."
YOU ARE READING
කොල්ලෙක් කුලියට දීමට ඇත. ( complete ) +18
Non-Fictionආලය යනු දී කිරි නම් රතිය යනු කිතුල් පැණිය.