"අභී....... අභිෂේක් !!!!"
"අභිෂේක් බේබී.............. අභිෂේක් බේබී........."
ධීවර ගම්මාන ආශ්රිත හස්ත කර්මාණ්තයක යෙදිලා ඉඳපු අභිෂේක්ටයි යාදව්ටයි වෙරළේ පැත්තකින් එහෙම කෑ ගහනවා ඇහුනෙ යන්තම් වැස්ස ටිකක් අඩුවේගෙන එනකොට.
"බේබී ? අභි..... ෂේක් ! කව්ද අර තමුසෙට බේබී බේබී ගාන්නෙ ? යකෝ මමවත් තාම බේබි කියලා නෑනෙ....... දෙන්ඩ තියෙන්නෙ මුන්ට........"
පශ්චාත්භාගය වැහෙන්න කලිසම උස්සගන්න ගමන් යාදව් එහෙම ඇහුවෙ ඇහි බැමි දෙකත් එකට පූට්ටු කරගෙන.
"අභිෂේක්............. ඉන්න තැනකින් වරෙන් පොඩි පගයෝ !!! අන්න අරහෙ තමුසෙගෙයි මගෙයි තාත්තා ටිපර් වෙලා බනිනවා හෝ..... ගාලා......"
සද්දෙ ලඟ ලඟම ඇහෙනකොට විදුලි පන්දම් එළි වගයකුත් පෙනුනා ඈතින්.
"අම්මටහුුඩු මගේ අක්කන්ඩි !"
"නේවින්යාද ?"
"ඖ..... එයා තමා මාව මෙතන්ට ගෙනත් දැම්මෙ, ලෙඩේ ගැන යාදව්ට නොකියා නම් හතර මායිමේ පස් පාගන්න එපාය කියලා...... මගේ පුපටත් එකක් ගැහුවා යාදව් ! හරි වේදනයි මේ සහෝදරියොනම්."
අර කෑ ගගහා හොයන්නෙ තමන්ව නෙවෙයි ගානට බෝට්ටුවට හේත්තු වෙලා තාමත් හති දාමින් උන්නු පොඩි හාදයා එහෙම කිව්වෙ කටත් ඇද කරගෙන.
"සිරාවට ?!"
යාදව්ගෙ හිතේ නේවින්යා ගැන ඇතිඋනේ පුදුමාකාර ලෙන්ගතුකමක්.
"අභිෂේක්......... වරෙන් යකෝ !!!"
දැන් නම් සද්දෙ ඇහෙනවා ලඟ ලඟම.
"නේවින්යා............ අපි දැන් එක පවුලක් හුත්තෝ...... !!!!"
පොඩි හාදයාගෙ බඩ මැද්දෙන් අත දාලා උස්සගත්තු ලොකු හාදයා එහෙම කියාගෙන විදුලි එලි පේන පැත්තට දිව්වෙ පිස්සෙක් වගේ හිනා වෙන ගමන්.
"අම්මෝ.... ඇති යන්තම් ! මම හිතුවා දුක සෝකෙ වැඩි කමට දෙන්නත් එක්ක මුුහුදටවත් පැන්නද දන්නෑ කියලා...."
ඉණට අත් දෙක තියාගත්තු නේවින්යා සැනසුම් සුසුමක් හෙලුවෙ අභිෂේක්වත් උස්සගෙන ඒ පැත්තට දුවගෙන එන යාදව්ව දැක්කම.
YOU ARE READING
කොල්ලෙක් කුලියට දීමට ඇත. ( complete ) +18
Non-Fictionආලය යනු දී කිරි නම් රතිය යනු කිතුල් පැණිය.