පිට්ටනිය මැද ලේ පෙරාගෙන කලන්තෙ දාලා ඇදගෙන වැටුන අභිෂේක්ව ලියන්ත සර් ලහි ලහිගෙ හොස්පිල් අරන් යනකොට ජනිඳුවත් එළියට තල්ලු කරලා කියාරා බලෙන්ම ඇම්බියුලන්ස් එකට නගින්න ඇත්තෙ පොඩි හාදයාගෙ තත්වෙ ගැන හොඳහැටි දන්න හින්දා වෙන්න ඇති. යන අතර මගදි ලියන්ත සර් දුරකථනය දීලා අභිෂේක්ගෙ දෙමාපියෙක්ද දන්වන්න කියනකොට කියාරා නේවින්යාට ඇමතුමක් ගත්තෙ හදීසියෙ මොනාහරි කරන්න ඕනි කියලා කිව්වොත් සල්ලි ඉල්ලගන්න පුළුවන් හන්දා.
අවසානෙදි අභිෂේක්ගෙ ඇත්ත තත්වෙ දොස්තර මහත්තුරුන්ට පැහැදිලි කරලා දුන්නට පස්සෙ ටිකට් කපලා ගෙදර යවන්න තීරණය කරේ නිකම් හොස්පිල් එකේ රඳවගෙන ඉඳලා තේරුමක් නෑ කියලායි.
"නේවී....... මේ ඒයි...... අක්කි බබා !"
පොඩි හාදයාත් එක්ක පිටිපස්සෙ අසුනෙ උන්නු කියාරා කතා කරේ රියදුරු අසුනෙ උන්නු නේවින්යාට.
"ම්......"
අසාමාන්‍ය විදිහට ගොලු පිලිවත රකිමින් ඉඳපු නේවින්යා බකමූණ පිලිවෙතට මාරු උනා.
"බඩගිනී....."
කියාරා එහෙම කිව්වෙ තඩි ඈනුමකුත් අරින ගමන්.
"අනේ මේහ් ! විකාර කතා කරන්න එපා නංගි බබී..... මේ අභිෂේකුත් ඉන්න තැන මට කුක්කු දෙන්න කියලද කියන්නෙ ?"
නේවින්යා එහෙම කියනකොට මේ යුවල අතරත් යම් යම් දෙවල් වෙලා තියෙන බව තේරුණ අභිෂේක් යටි තොල හපාගත්තෙ හිනාව කාගෙන.
"නෑ.......නෑ....... මම හිටියට කමක් නෑ ! මොකද මම කුක්කු බීලා නැතුවැයි."
කියාරා මොකද්දෝ කියන්න යනකොටම අභිෂේක් ඇඟට පතට නොදැනෙ ගානට කියලා දැම්මා.
"අනේ මේහ්, මහ පකිච්චිට කියන මගුලක් තේරෙන්නෙ නෑනෙ ! මම කිව්වෙ ඇත්තටම බඩගිනී කියලා....... කන්න මොනාහරි අරන් දීපන්කෝ ගෑණියේ !"
සුදු ඇඳුමෙ ටයි එක ටිකක් බුරුල් කර කර කියාරා කිව්වෙ නේවින්යාගෙ ෂීට් එකට පයින් පාරක් ගහන ගමන්.
"එහෙනම් අපේ ගෙදරින් කාලා යමු....."
"ම්හුම්....... ඒක හරි යන්නෑ, මට තියෙන්නෙ කොත්තු බඩගින්නක් !"
YOU ARE READING
කොල්ලෙක් කුලියට දීමට ඇත. ( complete ) +18
Saggisticaආලය යනු දී කිරි නම් රතිය යනු කිතුල් පැණිය.