"මම ඔයාට අකමැති වෙන්න හේතු දැනගත්තා ඇති නම් දැන් මෙතනින් තොලොන්චි වෙලා යන්න සමාජයට පඩයක් වෙන්නෙ නැතුව !"
චටාස් !
එහෙම කියපු යාදව් එතනින් යන්න හිතාන අභිෂේක්ගෙ අතෙන් පස්සට අදිනකොට ක්ෂණිකව ක්‍රියාත්මක වෙච්ච විනූ පොඩි හාදයාගෙ සුදු පාට කම්මුලට පාරක් දුන්නෙ සෑහෙන ආවේගෙකින්.
ඒ වැදුන පාරට අඩියක් විතර පිටිපස්සට විසික් වෙලා ගියපු පොඩි හාදයාගෙ ඉණ වටේට අත දාලා අල්ලගත්තු ලොකු හාදයා විනූ දිහා බැලුවෙ මරලා හංගන්න පුළුවන් තරම් කේන්තියකින්.
"විනූ !!!!! ඔවර් ඇක්ටින් දාගෙන එන්න එපා ආහ්......."
"හහ් ! ඇයි මොකද ? තමුසෙගෙ මල්ලි බබාට ගැහුවම දුක හිතුනද ! මාත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා යාදව්...."
"විනූ ! මට තමුසෙගෙ මූණවත් බලන්න ඕනි නෑ ආය........ මාව යකෙක් කරගන්නැතුව මෙතනින් පලයාන්...... එකපාරක් කිව්වහම අහලා පලයාන්......"
යාදව් විනූ එක්ක හුවමාරු කරගත්ත වචන පවා පොඩි හාදයාට ඇහුනෙ නැති තරම්. ඔලුව ඇතුලෙන් කීන් ගාන සද්දයක් එක්ක කම්මුල පුපුරු ගහනවා දැනුන අභිෂේක් ලඟ හිටපු කාගෙදෝ ඇඟකට වාරු උනේ වටේම නිලංකාර වෙලා වගේ යනකොට.
"යාදව් සර්........යාදව් සර් !!! මේ අභීගේ නාහෙන් ලේ එනවා......"
අභිෂේක්ව වාරු කරගෙන උන්නු ජනිඳු කෑ ගැහුවෙ විනූට හොඳවයින් අමතන ගමන් හිටපු යාදව්ට. ඒත් එක්කම ඒ පැත්ත හැරුණ යාදව් දුවගෙන ආවේ සෑහෙන කලබලෙන්.
"අභිෂේක් ! අභී.....ෂේක් ! අභී !"
යාන්තමින් බොඳ වෙලා පේන පාට දෙකේ ඇස් දෙක එක්ක යාදව්ගෙ කටහඬ ඇහුන අභිෂේක් ලොකු හාදයා ඇඳගෙන උන්නු කමිසෙ කොලර් එකෙන් අල්ලගත්තා තද කරලා.
විනාඩි පහක් දහයක්වත් යන්න ඇති , බංකුවක ඉන්දවපු පොඩි හාදයාගෙ නාහෙන් තාමත් ලේ එනවා ටික ටික.
"මම නම් කියන්නෙම අපි හොස්පිල් යමු කියලා...."
යාදව් එහෙම කිව්වෙ අභිෂේක්ගෙ තොල ලඟ තිබුන ලේ බින්දුවක් ලේන්සුවෙන් පිහදාන ගමන්.
YOU ARE READING
කොල්ලෙක් කුලියට දීමට ඇත. ( complete ) +18
Non-Fictionආලය යනු දී කිරි නම් රතිය යනු කිතුල් පැණිය.