"අභිෂේක්.....අභී.....අභිෂේක්...කෝ...එහාට වෙන්න පොඩ්ඩක්.... අමාරුද කොල්ලො ? ඔලුව රිදෙනවද ? කැරකිල්ල වගේද ? බය වෙන්න එපා....බය වෙන්න එපා ඔයාට මොකුත් වෙන්නෑ...... ඇම්බියුලන්ස් එක්කට කතා කරන්න කව්රුහරි !!!! ඉක්මන් කරන්න..... "
එවර කරලියට පැමිණි නාට්ය ගුරුතුමා යාදව් ලඟ උන්නු අභීගේ මූණ දෙපැත්තෙන් අල්ලගෙන කෑ ගහන්න පටන්ගත්තා.
නමින් ලියන්ත මින්දිලු හෝරවිතාන උනත් අවුරුදු විසිහයක් උන ඒ ගුරුතුමා ගෑණු ලමෝ අතර ප්රසිද්ධ උනේ ලී.මින්.හෝ. විදිහට. චොකලට් වර්ණ තරුණයෙක් උන ලීමින්හෝ කඩවසම් බව අතින් වගේම හැකියාව අතිනුත් ප්රසිද්ධ ගුරුවරයෙක්.
"නෑ...නෑ......සර් ,ඔන්නෑ...... නහයෙන් ලේ චුට්ටක් ආවා විතරයි. මම තාම පණපිටින් සෑර් ! "
බොක්කෙ මිතුරෙක් ගානට හිතවත් නාටක ගුරුතුමාට අභිෂෙක් ලේ ගලන නාහය අස්සෙන් දත් තිස්දෙකම දාලා හිනාඋනත් යාදව් සර් නම් තාමත් හිටියෙ ඇට පැටලිලා වික්ෂිප්ත වෙලා.
යාදව්ටත් ඔරවලා බෝලෙ දාපු කොල්ලටත් ඔරවපු නාටක සර් අභිෂේක්ව ප්රථමාදාර ඒකකයට එක්ක යනකොට ඒ නාහෙට ඕම වෙන්න හේතුව තමන්ගෙ කොල්ලෙක් වෙච්ච නිසාත් හිතේ තිබ්බ අමුතු චකිතය නිසාත් යාදව් සරුත් ඒ පස්සෙන් ගියේ නිකමට වගේ.
"කලබල වෙන්න දෙයක් නෑ ! ටික්කින් නවතී ලේ එන එක. ඔලුව රිදෙනවා කිව්වොත් පැනඩෝල් දෙකක් දෙන්න. "
ප්රථමාදාර ගුරුතුමී එහෙම කිව්වෙ ඇඳ උඩ ඉඳගෙන ඉන්න පොඩි හාදයගෙ දෙපැත්තෙන් හිටගෙන ඉන්න ක්රිකට් කෝච්ගෙයි නාටක ගුරුතුමාගෙයි මූණු දිහා මාරුවෙන් මාරුවට බලන ගමන්.
"අභී...... ඔහොම ඉඳපන් ඈ , මම සුටුස් ගාලා අත්සනක් දාලා එන්නම්. අමාරුවක් උනොත් කෝල් එකක් දීපන් ! "
එහෙම කියන ගමන් ලී.මින්.හෝ ගුරුතුමා නමෝතස්ස කියාගෙන එනකොටම තකහනියක් කාර්යාලයට දිව්වෙ යාදව් සර්වයි පොඩි හාදයවයි එතන තනි කරලා.
යාදව් සර් දොරේ ගහලා තිබුන රතුපාට එකතුකිරීමේ ළකුනෙ හැඩ බල බල ඉන්නකොට අභිෂෙක් කරේ මකුළුවන් දැල් වියා ඇති අපූරුව ගැන නරඹපු එක.
YOU ARE READING
කොල්ලෙක් කුලියට දීමට ඇත. ( complete ) +18
Non-Fictionආලය යනු දී කිරි නම් රතිය යනු කිතුල් පැණිය.