"ඇත්තටම තමුසෙට අමාරුවක් නැද්ද ඕයි ? මේ ලඟම හොස්පිල් එකක් තියෙනවා, ඕනි නම් යමු."
පාර අයිනෙ පේමන්ට් එකේ කලුයි සුදුයි තීරුවෙ හිඟන්නෙකු විලස ඉඳගෙන ඉන්න අභිෂේක්ගෙන් යාදව් ඇහුවෙ කාර් එකට හේත්තු වෙන ගමන්.
නහය..... ඔව් ඒක ටිකක් දනවා ඇති තාම. පොඩි හාදයා හිටියෙ සාක්කුවෙන් ගත්තු ලේන්සුවකින් කට වටේ ගෑවුන යම්කිසි දෙයක් පිහදාන ගමන්.
"මෙතන ඉන්න වැඩිහිටියා විදිහට හොස්පිල් ගියොත් ඩොකාට මොකක් උනා කියලද තමුන් කියන්නෙ ?"
අභිෂේක් යාදව්ගෙන් ඇහුවෙ හිනා වෙවී ගියපු ගෑල්ලමයෙක්ටත් රවන ගමන්.
"මම කියනවා... ඩොක්ට මූ තමා ටොප් මුගෙන් අහගන්න කියලා !"
යාදව් කිව්වෙ සාක්කු දෙකට අත් දෙකත් දාගෙන හෙනම නෝනඩි විදිහට පොඩි හාදයා දිහා බලන ගමන්.
"ඉදකින්... තමුසෙට ඉතින් පුළුවන් නැග්ගා නැග්ගා කියලා කෑ ගහන්න විතරනේ !"
අත් දෙකත් එහෙක් කරලා අභිෂේක් එහෙම කිව්වෙ සෑහෙන තරමක නාට්‍යමය ස්වරූපයකින්. නැග්ගා යන චවන ඇහෙනකොට පවා වෙච්ච අවනම්බුව මතක් වෙන ලොකු හාදයට තහරා යනවා සෑහෙන්ට.
"අනේ මේ ! තමුසෙ ඇටේ තරමට ඉදිමියන් හරිද, බලෙන් කටේ දාගෙන ඉස්මොලේ යවාගත්තු පොඩි එකා......."
ලා අඳුරකින් වැහිලා තිබුනත් විදුලි බුබුලු නිසා එළිය වෙලා තිබුන යම්තාක් කාර්යය බහුල වීදියක, පදික වේදිකාවෙ ගැට්ට උඩ ඉඳගෙන ඉණිස් දෙක උඩින් අත් දෙක තියාගෙන පට්ට ගහපු නිල් ඩෙනිමට සුදු ටී ෂර්ටයක් ඇඳලා රබර් සෙරෙප්පු යුගලක් දාගෙන උන්නු පොඩි හාදයා හිටියෙ කෙනෙක්ට රවාගෙන.
කලු පාට ලැම්බෝගිනියකට හේත්තු වෙලා හොඳම වර්ගයේ තද දුඹුරු පාට කලිසමකට Tommy Hilfiger සුදු කමිසෙයක් ඇඳලා limited edition ඔරලෝසුවක් , original adidas සපත්තු දෙකක් දමාගෙන උන්නු සුපෝපබෝගී බවේ ප්‍රතිමූර්තියක් උන ලොකු හාදයා හිටියෙ කෙනෙක්ට නක්කලේට හිනා වීගෙන.
එතන තියෙන නොගැලපීම නිසාම වෙන්න ඇති පදික වේදිකාවෙ යන හැමෝම බල බල යන්න ඇත්තෙ.
YOU ARE READING
කොල්ලෙක් කුලියට දීමට ඇත. ( complete ) +18
No Ficciónආලය යනු දී කිරි නම් රතිය යනු කිතුල් පැණිය.