"හහ් ! මෙලහට ඇති පිට්ටනිය මැද්දට වෙලා ජනිදෝ....... කියාගෙන."
යාදව්ට ගත්තු ඇමතුම ආන්සර් නොකරපු හන්දා කටත් ඇද කරගෙන තමන්ටම මුමුන ගන්න ගමන් අභිෂේක් රෝහල් කාමරෙන් එළියට ආවේ කලු ඩෙනිමකට අත් නැති සුදු ටී ෂර්ට් එකක් ඇඳලා ඔලුවට කලු පාට අයිස් කැප් එකකුත් දාගෙන.
විදුලි සෝපානයෙන් පහළට ගියපු පොඩි හාදයා ආයෙමත් ලොකු හාදයාට කෝල් එකක් ගත්තාත් සුපුරුදු පරිදි ආන්සර් නොකරපු හන්දා වැඩ ඇති කියලා හිතාගෙන ගේට්ටුව පැත්තට ගියේ බිග් මැච් එක තියෙන පිට්ටනියට යන්න.
"හෙලෝ අභී..... දවල් වෙලා මම ඇවිත් එක්කන් යනකල් හිටපන් ඈ....."
ඒත් එක්කම දුරකථන ඇමතුමකින් අභිෂේක්ව ඇමතුවෙ එයාගේ ආදරණීය අක්කන්ඩි නේවින්යා.
"අනේ මේ බහුකාපන් අක්කෙ ! මම පොඩි එකෙක් යැ..... මටෝන්නම් මම යනවා."
කියලා උත්තර දීලා පොන් එක සාක්කුවට ඔබාගත්තු පොඩි හාදයා ගේට්ටුවෙන් එළියට ආවෙ පෞද්ගලික රෝහලෙන් එළියට යන්න කියලා දීපු අවසර පතත් මුරකාරයාට පෙන්නලා.
කර්මාණ්තශාලා, කාර්යයාල වගේ ඒවගෙන් වට වෙලා තිබුන ඒ පටු මාවත තරමක් ජනශූන්යයි නිසාම පොඩි හාදයා ඉස්සරහට ඇවිදගෙන ආවෙ දුරකථනයෙන් ආයෙමත් පාරක් යාදව්ට අමතන්න හදනන ගමන්.
ඒත් එක්කම පිටිපස්සෙන් අඩි සද්ද කීපයක් වේගෙන් තමන්ගෙ පැත්තට එනවා අභිෂෙක්ට ඇහෙනකොට එයා ක්ෂණිකව පිටිපස්ස බැලුවෙ කව්ද යකෝ පාරෙ දුවන්නෙ වගේ බැල්මකින්.
අහෝ දුකකි !
හැරෙනවත් එක්කම දුවගෙන ආපු තඩි මිනිහෙක් මූණ වැහෙන්ම කොට්ට උරයක් දානකොට අනික් එකා කකුල් දෙකෙන් උස්සලා ගත්තෙ අභිෂේක්ට මොකුත් කරන්න තියා හිතාගන්නවත් වෙලාවක් නොදී වෙනකොට සරණකට කියලා තිබුන දුරකථනයත් අතෑරුනා පොඩි හාදයාගෙන්.
"මොන හුත්තක්ද යකෝ කරන්නෙ...... අතෑරපාන්..... අතැප්ර්ප්න්....... බව්වව්ව්ව්....."
පොඩි හාදයා අත පය විසි කර කර දැඟලුවත් අර දඩාර මිනිස්සු දෙන්නා සෑහෙන කට්ටක් කාලා ඉස්සරහා තිබුන වෑන් එක අස්සට අභිෂේක්ව දාගෙන හැටට හැටේ පෑගුවෙ අහල පහල මිනිස්සු දෙතුන් දෙනෙකුත් ඒ පැත්තට දුවගෙන එනකොට.
YOU ARE READING
කොල්ලෙක් කුලියට දීමට ඇත. ( complete ) +18
No Ficciónආලය යනු දී කිරි නම් රතිය යනු කිතුල් පැණිය.