like a hurricane

5.7K 734 425
                                    

"යාදව්.... ම්.....හ්..... අද බෑ..... අද බෑ......"

පොඩි හාදයාගෙ කම්සෙ බොත්තම් එකින් එක ලොකු හාදයාගෙ අතින් ගැලවෙනකොට අභිෂේක් එහෙම කිව්වෙ ඇහි බැමි දෙක එකට පූට්ටු කරගෙන.

"කටවහපන් ඕයි.... පුතේ.... ගෙදර මිනිස්සු ඉන්නවා !"

බොත්තම් ගලවපු කමිසය උරහිසෙන් පන්නලා ගලවන ගමන් යාදව් මිමිනුවෙ අභිෂේක්ගෙ කනට කරලා.

"ම්හුම්......ම්.....හ්...... රිදෙනවාහ් ! යා.....දව්.... එපාහ්......"

ඇස් දෙක පියාගෙනම උන්නු පොඩි හාදයා එහෙම කිව්වෙ යාදව්ගෙ අත් ගොබයක් නියපොතු වලින් හූරණ ගමන්.

"මොන මගුලක්ද අයිසේ ! මේ බෙල්ට් එකේ ස්ප්‍රින්ග් එකක් වගේ එකක් ඇනිලා තුවාලත් වෙලා තමුසෙගෙ..... "

අභි‍ෂේක්ගෙ බඳ පටියත් ගලවලා අයින් කරපු ලොකු හාදයා අයිස් වතුර එකේ තිබුන රෙදි කෑල්ල මිරිකලා අරගෙන පොඩි හාදයාගෙ නලල උඩින් තිබ්බා පිලිවෙලට.

"අල්ලන්න එපා ! "

ඇස් දෙකත් තද කරලා පියාගෙන අඩ නින්දෙන් වගේ නලල ගාවට අත අරගෙන යන්න ගියපු පොඩි හාදයාගෙ අතට චිටිස් ගාලා පාරක් දීපු ලොකු හාදයා වතුර එකේ පෙඟෙන්න දාලා තිබුන තුවායක් අරගෙන මිරිකන්න පටන් ගත්තා.

"තමුසෙ අද මගේ නලලටද චුරු චුරුස් ගෑවෙ ? "

නලල උඩ සීතල යමක් තියෙනවා වගේ දැනුනෙ පොඩි හාදයා එහෙම ඇහුවෙ මුණත් බෙරි කරගෙන.

"අනේ කටවහන් හිටපන්කො ! "

සහලෝලා උණ හැදිලා ඉන්දැද්දිත් කටවහගෙන ඉන්නෙ නැති පොඩි හාදයාට ඔරවන ගමන් ලොකු හාදයා සීතල තුවායෙන් අභිෂේක්ගෙ ගිණි ගන්න ඇඟ තෙත මාත්තු කරන්න පටන්ගත්තා.

පිම්බුනු කම්මුල් , දිග බෙල්ල , පලල් උරහිස් පහු කරගෙන පපුව උඩ ආපු යාදව් ඒ කිරිපාට පපුව මැද තිබුනු කලු පාට බෝල දෙක වටේට ඇඟිල්ල අරන් ගියේ පොඩි හාදයා ආයෙමත් අත් ගොබයක් හූරන්න ගනිද්දි.

ඒ දිගැටි අත් දෙක එහෙම තෙත මාත්තු කරපු යාදව් කට ඇතුලට දැම්මා,
උණකටුවක්.

උණ.....උණ..... හොඳටෝම උණ.....

යාන්තම් නින්ද ගියා ඔන්න පොඩි හාදයට. ටවල් එක පැත්තකින් තියපු යාදව් කෝකටත් කියලා තව පැනඩෝල් කාඩ් එකක් ලගින්ම තියාගත්තා.

කොල්ලෙක් කුලියට දීමට ඇත. ( complete ) +18Where stories live. Discover now