I'm getting

3.9K 574 252
                                    

"බුදාම්මෝ...... මෙන්න මරනෝ !!!!"

"අභී......ෂේක් !!!! මෙහෙ එනවා............"

නේවින්යා ගිහින් මරන මංචකේ උන්නු පොඩි හාදයාව කුදලන් ඇවිත් රෝහල් වාට්ටුවට දැම්මයින් පස්සෙ විපක්ෂණායකතුමාට විස්තරේ ආරන්චි උනේ රැලියක් මැද මහ ජනතාව අමතමින් ඉන්දැද්දි.

ක්ෂණිකව රෝහලට සම්ප්‍රාප්ත උන විපක්ෂණායකතුමා පොඩි හාදයාගෙ කණ අල්ලගත්තෙ දිව හපාගෙන. කන් පිරෙන්න බැනුම් අහලා උන්නු අභිෂේක් තියෙන හයිය හත්තිය ඔක්කොම දාලා රෝහල් කාමරෙන් එළියට දිව්වෙ විපක්ෂණායකතුමා තම එකම පුතනුවන් වෙනුවෙන් අලුතෙන්ම මිලදී ගත් වේවැල අතට ගන්නකොට.

"තරහා වෙන්න එපා නිලූ, මූව ගහලා හරි හදන්න ඕනි ! ටහිකෙන අහංකාරකමක්නෙ මුට තියෙන්නෙ."

අ"භීගෙ ශුක්‍රාණුවෙ අයිතිකාරයා විදිහට මේවා ඔයාගෙ වගකීම් අචින්ත මහත්තයා."

හදිසියේ ඇතිවූ කලබලකාරී තත්වය නිසා ගෙදර ගිය පයින් ආපහු රෝහලට වාර්තාකරපු පොඩි හාදයාගෙ අම්මා එහෙම කියනකොට නේවින්යා හිනා උනේ ආන්ටිගෙ පිට මැද්දට තෑං ගාලා පාරකුත් ගහලා.

"ගැම්මක් තමා ආන්ටි !"

සුදු සරමට රතු පාට කුර්තාව වගේ කමිසයක් ඇඳන් උන්නු අචින්ත ලද අවසරෙන් රෝහල් කාමරෙන් වේවැලත් අරගෙන එළියට එනකොට කොරිඩෝවෙ නැවතිලා උන්නු පොඩි හාදයා අනිත් පැත්ත හැරිලා දුවගෙන ගිහින් පඩිපෙල බහින්න පටන්ගත්තෙ අද නම් නිසැකවම කනවා කියලා දැන දැන.

"අභිෂේක් !!! ඔහොම නවතිනවා......"

කොරිඩෝවෙන් එබුන විපක්ෂණායකතුමා හයියෙන්ම කෑ ගහනකොට පොඩි හාදයා කෙසේ වෙතත් OPD එකේ පහල රැස්ව සිටි රෝගී වූ මහජනතාවනම් උඩ බලාගෙනම හිටියා.

"මෙන්න ගහනෝ !!!!!! සිංහලයිනි නැගිටියව්..... අභිෂේක්ව බේරා ගනිව් ! මෙන්න විපක්ෂණායකතුමා ගහන්න පන්නනවෝ........"

පුලුවන් තරම් වේගෙන් පඩිපෙල් බැහැපු පොඩි හාදයා එහෙම කෑ ගැහුවෙ විපක්ෂණායකතුමාත් වේවැල අමෝරාගෙන පඩිපෙළ බැහැහෙන එනකොට.

මලහත්තිහුත්තයි ! අන්න ජනාධිපතිතුමාත් එනවා ආරක්ෂකයොත් එක්කම.... පොඩි හාදයාව බලන්න වෙන්ඩෑති තක්කෙටම.

කොල්ලෙක් කුලියට දීමට ඇත. ( complete ) +18Where stories live. Discover now