"අනේ බුදාම්මෝ........ අනින්ඩ එපෝ........ මෙන්න අනිනෝ........"
හා හා පුරා කියලා බෙහෙත් විදින්න එක්කන් ගියපු පලවෙනි දවසෙම විපස්සනායකතුමාගෙ නම්බුව අනුභව කරන ගමන් අභිෂේක් කෑ ගැහුවෙ නර්ස් නෝනා කුප්පියෙන් සිරින්ජරේට බේත් ඇදලා ගන්නකොට.
අචින්ත, මම නම් කියන්නෙ බෙහෙත් විදින්න කලින් සිහි නැති කරලා හිටියනම් හරි කියලා. මොකද මූ එකපාරක් ඉස්කොලෙන් බෙහෙත් විදපු ඩොක්ටර් කෙනෙක්ගෙ අත හපලා තිබ්බා ලේ එන්නම. පුදුම බයක්නෙ තියෙන්නෙ ඔය කටු වලට.
අභිෂේක්ගෙ අම්මා කියපු කතාව කන ඇතුලෙ දොන්කාර දෙනකොට වික්ෂිප්ත වෙලා උන්නු විපක්ෂනායක තුමා කෝකටත් කියලා පොඩි හාදයාගෙ කට කවර් වෙන්න අත තියාගත්තා.
"බුදුඅම්මෝ තාත්තෙ මේ බලපන්කො මේ කට්ටෙ තුඩ ! ඔය බෙහෙත විදින්නම ඕනෙද නර්ස් ඇන්ටියේ ? අපිට බැරිද ඔය කුප්පිය බීලා පොඩි ෂේප්මන්ට් එකක් දා ගන්න. අනේ විපස්සේ........"
කට්ට අතේ තියාගෙන විදින්න බලාගෙන ඉන්න නර්ස් ඇන්ටි දිහායි විපක්ෂණායකතුමායි දිහා මාරුවෙන් මාරුවට බලන ගමන් පොඩි හාදයා එහෙම කිව්වෙ යටි තොලත් පෙරලගෙන මූණ ඇඹූල් කරගෙන. අවුරුදු දහාටක් වෙච්ච එකෙක් කියලා කියන්නත් ලැජ්ජයි අපෙ හාන්දුරුනේ.......
"ඔයා විදින්න නර්ස්."
සියක් වැඩ පසෙකලා පුතන්ඩියාට බෙහෙත් විදින්න තනියට ආපු විපක්ෂණායකතුමා එහෙම කිව්වෙ එක අතකින් අභිෂේක්ගෙ කට කවර් කරගෙන අනිත් අතින් අභිෂේක්ගෙ අත තද කරලා අල්ලගෙන හෙන ගැම්මට.
A Few Moments Later....
"හෙලෝ ජනාපති තුමා, මට අද දියවන්නා එන්ඩ වෙන්නෙ නෑ.... මූ මගෙ අත කෑවා මෙවී...."
අගතියට පත් විපක්ෂණායක තුමා දුරකථනයෙන් එහෙම කිව්වෙ බෙහෙත් කීපයක්ම විදලා හමාර උන පුතන්ඩියාව සුව පහසු පෞද්ගලික රෝහල් කාමරේ ඇතුලට ඇන්න යනකොට.
අභිෂේක්ගෙ දන්ත කළ්‍යානියේ සලකුණු වල හැඩ බලන ගමන් විපක්ෂණායක තුමාට තනියම හිනා යන්න ඇත්තෙ පොඩි කාලේ මඟෑරුන දේවල් දැන් හරි වෙන එක ගැන සතුටක් දැනිලා වෙන්ඩෑති.
YOU ARE READING
කොල්ලෙක් කුලියට දීමට ඇත. ( complete ) +18
Non-Fictionආලය යනු දී කිරි නම් රතිය යනු කිතුල් පැණිය.