I'm wide awake

6.7K 786 384
                                    

"මොකෝ සර් මේ රෙදි ගලවගෙන ?"

පිටිපස්සෙන් නැගලා ඉඳගත්තු ජනිඳු එහෙම ඇහුවෙ ලොකු හාදයායි පොඩි හාදයයි දිහා මාරුවෙන් මාරුවට බලන ගමන්.

"ජනිඳු...මේ...මේකයි...මේ......"

"අපි තෙමුනානෙ...."

දෙන්න උත්තරයක් හිතාගන්න බැරි තැන යාදව් සර් ඇඹරෙනකොට අභිෂේක් පැනලම උත්තර දුන්නෙ බිම තිබුන ටී ෂර්ට් එක අරගෙන යාදව්ගෙ ඔඩොක්කුව උඩට දාන ගමන්. අනිවාරෙන්ම ඉස්සිලා ඇති දෙන්නගෙම.

"එහෙමද.... සර්ව ඉතින් අපි නම් ඔහොම දැකලා තියෙනවනෙ නිතරම, අභිෂේක්ට හුරු නැති හින්දා වෙන්න ඇති නේද මූණ රතුම රතු වෙලා තියෙන්නෙ ?"

ජනිඳු එහෙම කියනකොට යාදව්ගෙ කටින් බකස් ගාලා හිනාවක් පනිනකොට අභිෂේක් කරේ උඩ තියෙන වීදුරුවෙන් මූණ බලපු එක.

"එහෙම වෙන්ඩෑති ! හොඳට බලාගන්නෝනි මමත්....."

ජනිඳු ගොඩඋනායින් පස්සෙ උඩ තිබුන බලබ් එක ඔන් කරපු හන්දා වාහනය ඇතුලෙ නම් තරමක් එළියයි දැන්. කිරි පාට පෘෂ්ටිමත් හයට බෙදුන උඩු කය නිරුවත්ව එක එල්ලෙ ඉස්සරහා බලාගෙන සුක්කානම එහෙ මෙහෙ කරනකවන යාදව් දිහා පොඩි හාදයා බැලුවෙ එහෙම කියන ගමන්.

"වාව්...... පට්ට ෆිගර් එක නේහ් සර් !!! මෙව්වට තමා මට......."

රිය පදවමින් උන්නු ලොකු හාදයාගෙ බෙල්ල පහලට වෙන්න තියෙන පිහාටු දෙක වගේ ඇට කටු දෙක මැද්දෙ දබරඇඟිල්ල තියපු අභිෂේක් සද්දෙට උරපු කෑලි දෙක , පෙකණිය හරහා පහලටම හෙමින් සීරුවෙ ඇඟිල්ල අරගෙන ආව‍ෙ තාලෙට.

පපුවෙන් පටන් ගත්තු විදුලියක් මුළු ඇඟ පුරාම දුවනවා වගේ දැනෙකොට බඩ ඇතුලෙ බිම්මල් පිපෙන්න ගත්තා ලොකු හාදයාගෙ.

හුස්ම ගන්න වේගෙ පවා එන්න එන්නම වැඩි වෙනකොට තවත් තද කරලා සුක්කානම අල්ලගත්තු යාදව් අභිෂේක් දිහා බැලුවෙ කට කොනින් හිනා වීගෙන.

"ඔය පුතා ශීට් බෙල්ට් එක දාගත්තනම් හරි ! විජ්ජුලතා නම් දැන ගල උඩටම නැගලා ඉන්නෙ...."

යාදව්ගෙ පැත්තට හැරිලා ඉඳගෙන උන්නු පොඩි හාදයාගෙ පපුව මැද්දෙන් අත තියලා අසුනට තද කරපු ලොකු හාදයා එහෙම කියනකොට ආයෙමත් ජනිඳු මාරුවෙන් මාරුවට බලන්න ගත්තා දෙන්නා දිහාම.

කොල්ලෙක් කුලියට දීමට ඇත. ( complete ) +18Where stories live. Discover now