Come, lay me down

6.7K 855 492
                                    

"කිරි පුතේ....... මොකද ඔය කොර ගහන්නෙ ?"

උඩ මහලෙන් යට මහලට තරප්පු පෙල දිගේ සද්ද නැතුව බැහැගෙන ආවත් රූපවාහිනිය ඉස්සරහා උන්නු අතිගරු ජනපති තුමාට තමන්ගෙ කොරේ හංගන්න යාදව්ට බැරි උනා.

"මේ......මේ...... මූත්‍රා අමාරුවක් හැදිලා බඩකොරවෙලා සුදු සීයේ...."

පශ්චාත්භාගයේ අමාරුව මූත්‍රාශයේ අමාරුවකට හරවලා කියපු යාදව් බඩේ පැත්තකුත් අල්ලගත්තෙ රංගනයේ තාත්වික බව තව ටිකක් වැ‍ඩි කරගන්න හිතාන.

"සුදු නෝනේ.... සුදු නෝනේ....... අපේ කිරිපුතාට චූ අමාරුවක් හැදිලලු මෙන්න...... ඕයි සිරිසේන ! සිරිසේන...... ඇම්බියුලන්ස් එක්කට කතා කරපන් ඉක්මණට......"

"සීයේ..... සියේ.... අහන්නකෝ, ලොකු අමාරුවක් නෑ හරිද.... මම ඉතින් එල කොල්ලෙක්නෙ ! මට වැඩට යන්න පරක්කු වෙනවා. යන්නම් ඈ.... උම්මා....උම්මා...."

අතිශය කලබලයට පත් සීයා වහාම පියවර ගන්න හදනකොටම ඒ රැලි වැටුන කම්මුල් දෙකටම චොහ් චොහ් ගාලා හාදු දෙකක් දීපු යාදව් එලියට බැස්සා.

"ගුඩ් මොනින් යාදව් සර් ! අයියෝ... මොකද මේ කොර ගහන්නෙ ?"

උදේම මූණට මුලිච්චි උන චන්චලා මිස්ටත් පෙනිලා තිබුනා යාදව් සර් කොරගහන වග.

"අහ්..... නෑ මොකුත් නෑ...... නිකම් අනේ... දන්නැද්ද අපි නිතර සෙල්ලම් කරන කොල්ලොනෙ."

දත් තිස්දෙකම විලිස්සලා හිනාවකුත් දෙන ගමන් යාදව් එහෙම කියාගෙන එතනින් මාරු වෙලා පිට්ටනිය පැත්තට ආවා.

නිල්ම නිල් පාට අහසක රිදී පාටින් ඉර බැබලෙන උදේ වරුවක ඉලන්දාරියෙන් ඉඳගෙන හිටියා ගල් පුටුවක් උඩ ඉඳගෙන බලාගෙන හිටියෙ ඩ්‍රාමා කාමරේ දිහාව.

"සර්.... සර්..... ටීම් හතරම ඇවිල්ලා ඉන්නෙ."

"ම්....ආ.....හරි !"

ජනිඳු එහෙම කියනකොට කල්පනාලොකෙන් එළියට ආපු යාදව් උසස්පෙල අංශ හතරට අයිති කණ්ඩායම් හතර පැත්තට ගියේ පුලුවන්තරම් නොන්ඩි නොගහා.

"අද ඔයගොල්ලොන්ට මම බැටින් කරනකොට බෝලින් කරනකොට ඕනි කරන බේසික් ටෙක්නික් ටික කියලා දෙන්නම්. ඊට පස්සෙ ටීම් හතරේ අයට පුළුවන්නෙ ටොප් බොටම් ආහ් නෑ මේ... බැටින් බෝලින් කව්ද කියලා වෙන් කරගන්න."

කොල්ලෙක් කුලියට දීමට ඇත. ( complete ) +18Where stories live. Discover now