"මටත්."
කොට මහත වීදුරුවක් යාදව්ගෙ පැත්තට දික් කරගෙන අභිෂේක් එහෙම කියනකොට ලපටි මූණෙ තිබුන ඒ අමුතු බැල්ම දැක්කම කට කොනක හිනාවකුත් ඇඳුනා යාදව්ගෙ , සමච්චලේට වගේ.
"මේවා බොන්න තාම තමුසෙ පොඩි වැඩී. අනික මම බාලාපරාධ කරන්න කැමති නෑ...."
එහෙම කියන ගමන් යාදව් විස්කි බෝතලේ පිටිපස්සට කරලා හංග ගත්තෙ පොඩි හාදයාගෙ මූණෙ තිබුන බැල්මට අනුව අතේ තියන බෝතලේ උදුරලා ගන්න උනත් බැරි කමක් නෑ කියලා හිතුන හන්දා.
"මෙතන අපරාධෙ කරන්නෙ මම, ඔයා නෙවෙයි......"
නක්කලේට වගේ එහෙම කියපු අභිෂේක් ඇඳ උඩින් ගිහිල්ලා ඉඳගත්තෙ අතේ තිබ්බ වීදුරුවත් මෙසෙ උඩින් තියාගෙන. මේ හාදයා පොඩි උනාට සෑහෙන ආඩම්බර පාටයි.
"මීට කලින් කාගෙවත් කට කාලා නැද්ද ?"
පොඩි හාදයා අහපු ඒ ප්‍රශ්නෙට ලොකු හාදයා අන්තිමට බීපු විස්කි උගුරත් පිටඋගුරෙ ගියාද මන්දා. කෙල්ලො විසි දෙකක් එක්කලා යහන්ගත උනා නම් යහනට වද්දගන්න බැරි උන කෙල්ලොත් එක්ක ඔක්කොම කීයක්ද කියලා ගනින්න පවා බැරිලු යාදව්ට. එහෙව් එකාගෙන් ඔහොම ප්‍රශ්නයක් අහන එක ඒ තරම් සදාචාර සම්පන්න නැත.
"හහ් ! මගෙ එක්ස්පීරියන්ස් එක ඔයාට වඩා සෑහෙන වැඩී කොල්ලො."
"එක්ස්පීරියන්ස් නම් ඇති, ඒත් කොලිටි එක මදි."
මේක නම් එසේ මෙසේ අපහාසයක් නෙවෙයි යාදව්ට. ඉණට අත් දෙක තියාගෙන ලොකු හුස්මක් ගත්ත යාදව් පොඩි හාදයාට දුන්නෙ එච්චර ආදරණීය බැල්මක්නම් නෙවෙයි.
"තමුසෙ මම ගැන හරියට දන්නෑ තාම."
"හහ් ! කියල දෙනවකො බලන්න එහෙනම්."
මුලින් තිබුන ශීලාචාර භාෂාව ටිකෙන් ටික අශීලාචාර උන එකෙන් නම් දෙන්නා අතර තිබුන ආගන්තුක බව තව තවත් අඩු වෙලා ගියා.
කුකුල් කේන්තිකාරයෙක් උන යාදව් කකුලක් උඩ කකුලක් දාගෙන ඇඳ උඩ ඉඳගෙන උන්නු පොඩි එකාව උරහිස් දෙකෙන් තල්ලු කරගෙන ඇඳට පෙරලුනේ එකපාරටම ඒ පිම්බුන රතු උන තොල් දෙක තදින් පටලගන්න ගමන්.
YOU ARE READING
කොල්ලෙක් කුලියට දීමට ඇත. ( complete ) +18
Nonfiksiආලය යනු දී කිරි නම් රතිය යනු කිතුල් පැණිය.