"යාදව් ලවන්, ඇයි තමුසෙ මෙච්චර ලස්සන ?"
තවම එක්වරක්වත් පාවිච්චි නොකරපු නැවුම් වැසිකිලියේ බිත්තියට ලොකු හාදයාව හේත්තු කරපු පොඩි හාදයා එහෙම කිව්වෙ දෙපැත්තට අත් දෙක තියාගෙන ඒ තිත් වැටුන මූණට බරවෙන ගමන්.
"අද නම් කාශ්‍යප සීගිරිය මුදුනටම නැගලා වගේ නේද ?"
නක්කලේට හිනා වෙන ගමන් යාදව් එහෙම ඇහුවෙ අභිෂේක්ගෙ කලු ඇස් දෙක දිහා එක එල්ලෙ බලාගෙන.
"විජ්ජුලතා නැති සීගිරියෙන් කාශ්‍යපට ඇති වැඩේ මොකද්ද ! ඉතින් මගේ විජ්ජුලතෝ අමනාපයක් නැත්තම් නගිනවද ගල මුදුනට ?"
කියන ගමන් කමිසය ඇතුලෙන් අත යවපු අභිෂේක් යාදව්ගෙ සිහින් ඉණ ඇඟිලි තුඩු වලින් පිරිමදිනකොට මුළු ඇඟ පුරාම සමනල්ලු පියාඹගෙන යනකොට බඩ ඇතුලෙ හතු වනයක්ම පිපුණා ලොකු හාදයාගෙ.
"විජ්ජුලතා මනාපයි කියලා දැන දැනම මොකට අහනවද ඉතින් ආය...."
අභිෂේක්ගෙ බෙල්ලෙ දාගෙන හිටපු රිදී පාට චේන් එකෙන් ඇදලා තවත් ටිකක් ලඟට ගන්න ගමන් යාදව් එහෙම කිව්වෙ දෙතොල් එකිනෙක ගෑවි නොගෑවි තියෙනකොට.
ඉතින් කට ලඟ තියෙන කට කන්න මොකට සුනංගු වෙනවද ?
අභිෂේක්ගෙ තොල් දෙක යාදව්ගෙ තොල් දෙක උඩ නැටුවෙ හරිම මුරණ්ඩු විදිහට. ඒ හාදුවෙ තිබුුන රළු බවේ තරමට යාදව්ට තේරුම්ගන්න පුළුවන් උනා අභිෂේක්ගෙ හැඟීම් නැගිලා තිබුන උස. ඒ මහත දෙතොල් වලට අහු උන උල් උන තොල් දෙක රතුම රතු වෙන්න යන්න ඇත්තෙ තත්පර කීපයක් වෙන්න ඇති.
ඒක හාදුවක් නෙවෙයි.... තනිකරම කට කෑමක්.
"ටක් ! ටක් ! ටක් ! කව්රුහරි ඉන්නවද ?"
කාගෙදෝ කටහඬක් එළියෙන් ඇහෙනකොට පොඩි හාදයායි ලොකු හාදයායි ලොකු උනා හිටපු තැන් වලම.
තනිව වැසිකිලි යාම නම් අතිශය සාමාන්‍යය, කොල්ලෙක් සමග කෙල්ලෙක් එකම වැසිකිලියට යාමද අසීලාචාර වුවත් පිළියත හැකි සම්මතයක්ය, කොල්ලොම දෙන්නෙක් එක වැසිකියකට යාම නම් සෙල්ලක්කාර අසම්මතයක්මය.
"විනාසයි අභිෂේක් විනාසයි ! අරිද දැන් ඔය පුතාගෙ පුකේ අමාරුව ?"
YOU ARE READING
කොල්ලෙක් කුලියට දීමට ඇත. ( complete ) +18
No Ficciónආලය යනු දී කිරි නම් රතිය යනු කිතුල් පැණිය.