"අභිෂේක්..... මට ඔයාට දෙයක් කියන්න තියෙනවා !"
භෞතික විද්‍යා පන්තිය අහවර උන වහාම එළියට පැනගත්තු අභිෂෙක්ගෙ පොත් මල්ලෙන් ඇදලා ගන්න ගමන් කියාරා එහෙම කිව්වෙ වෙනස්ම තාලෙකින්. පෙර පාසල් යන කාලෙ ඉඳන් එකට උන්නු කියාරා අභී නොකිය අභිෂේක් කියලම කතා කරන්නෙ කියන්න හදන්නෙ එයා හිතේ හිර කරගෙන හිටපු දෙයක් නම් විතරක්ම වග පොඩි හාදයා හොඳට දන්නවා.
"ඖ.... කියපන් ඉතින්......"
"මෙතන බෑ, කොහෙට හරි යමුද ?"
කියාරා දැනටමත් හිටියෙ සෑහෙන කැළඹුනු මූණකින් හන්දා අභිෂේක් ඔලුව වැනුවෙ යමු කියලා කියන්න. කියාරාගෙ ඇඟිලි පවා ලාවට වෙව්ලන හැටි අභිෂේක් දැක්කා.
සති අන්තයක් වෙච්ච එදා දවසම තිබුන පුණරීක්ෂණ පන්තිය ඉවර උනේ තුනහාමාරට විතර. බස් නැවතුම්පලට යනවා වෙනුවට කියාරා අභිෂේක්වත් එක්කරගෙන ගියේ ලඟ තිබුන කෝපි කඩේකට.
දුඹුරු පාට ලී පුටු වලින් පිරුණ වටේම වීදුරු වලින් තැනුන කහ පාට බල්බ වලින් පාට උන ලොකු අවකාශයක් තිබුන ඒ කැෆේ හලේ කියාරායි අභිෂේකුයි උන්නෙ රවොම් මේසෙක ඉඳගෙන කෝපි කෝප්පයක් තොල ගාන ගමන්. ඒ තැන සෑහෙන රෝමාන්තිකයි කිව්වත් වැරදි නැත.
"කියාරා, මොකක්හරි ප්‍රශ්නයක්ද බං ?"
අභිෂේක් එහෙම ඇහුවෙ කෝපි කෝප්පෙ පීරිසිය උඩින් තියලා හරි බරි ගැහිලා කතාවට ලැහැත්ති වෙන ගමන්.
කියාරා අද දවසටම අභිෂේක්ගෙ ඇස් දෙක දිහා කෙලින් බලපු නැති තරම්. එයා තාමත් බිම බලාගෙන එක ඇඟිල්ලකින් අනිත් ඇඟිල්ලෙ නියපොත්ත හූරනවා. තලෙලු බෝල මූණත් ලාවට රතු වෙලා වගේ.
"අභිෂේක්...... අපි දෙන්නා අතර තියෙන්නෙ අවුරුදු දාහතරක යාළුකමක්, ඉතින් මට පොරොන්දු වෙන්න මම මේ දේ ඔයාගෙන් ඇහුවට පස්සෙත් ඒ යාළුකම මේ විදිහටම තියාගන්නවා කියලා !"
ටවුකන්ඩ ! ඒ පාර මොකාටද එන්න හදන්නෙ මේකි ? කියාරෝ.... මට නම් දැනෙන්නෙ යාළුකම නැත්තටම නැති වෙලා යන දෙයක්ද කොහෙද තවුසෙ ඔය කියන්න හදන්නෙ.
කලු පාට ඇස් දෙකත් ලොකු කරගෙන අභිෂේක් කියාරා දිහා බලාගෙන හිටියා.
YOU ARE READING
කොල්ලෙක් කුලියට දීමට ඇත. ( complete ) +18
Non-Fictionආලය යනු දී කිරි නම් රතිය යනු කිතුල් පැණිය.