Within me lies

7.4K 893 551
                                    

"යාදව් සර් , ගිය පාර පෙරඩ් එක මැදදි අපේ කොල්ලො දෙන්නෙක් කිස් කරන වීඩියෝ එකක් වයිර්ල් ගියානේ.... ඉතින් මේ පාරත් අපිට ස්කූල් ඩේ එකට පෙරඩ් එකක් යන්න බෑ නේ රෙදි ඇඳගෙන. ඒක නිසා තමා මේ අපි ක්‍රිකට් මැච් එකක් ගහන්න යන්නෙ. එලෙවල් සයන්ස් එකෙයි කොමස් එකෙයි ආර්ට් එකෙයි ටෙක් එකෙයි කොල්ලොන්ට මම කිව්වා ටීම් හතරක් හදාගන්න කියලා. සඳුදා සෙමි ෆයිනල් ගහලා අඟහරුවාදා ලොකුවටම අපි ෆයිනල් එක ගහමු. ෆයිනල් මැච් එක අපිට කීය විතර වෙද්දි ඉවර කරගන්න පුළුවන් වෙයිද සර් ?"

කැරකෙන පුටුවක සැපට වාඩි වෙලා උන්නු විදුහල්පති තුමා කියාගෙන කියාගෙන ගිහිල්ලා අන්තිමට එහෙම ඇහුවෙ ඉස්සරහා පුටුවෙ ඉඳගෙන ඉන්න යාදව් දිහා කණ්නාඩිදෙක අස්සෙන් බලන ගමන්.

"අම්..... එකොලහට විතර පටන් ගත්තොත් දවල් තුන විතර වෙද්දි ඉවර කරන්න පුළුවන් සර්."

ලා දුඹුරු පාටට හුරු කමිසයක් ඇඳගෙන උන්නු යාදව් සර් එක කකුලක් උඩ අනික් කකුල හරහට දාගන්න ගමන් එහෙම කිව්වා.

"තුන නේද..... ඊට පස්සෙ අපේ සමස්ත ලංකා එකෙන් දිනපු ඩ්‍රාමා එක පෙන්නන්න පුළුවන් ස්පෙෂල් ඉවෙන්ට් එකක් විදිහට. ඊටත් පස්සෙ සින්ගින්, ඩාන්සින් අයිටම් ටිකක් එක්ක පොඩි කොන්සට් එකක් තියලා හවස හතරට විතර හෝලි ඉවෙන්ට් එක දාලා කළුවර වේගෙන එනකොට ඩීජේ එක පටන් ගමු. එහෙම හොඳයි නේද යාදව් සර් ?"

කොලේක මොනාදෝ කුරුටු ගාගන්න ගමන් විදුහල්පති තුමා එහෙම කියනකොට යාදව් ඔලුව වැනුවෙ හොඳයි කියන්න.

"යාදව් සර් එහෙනම් සෞන්දර්ය ඒකකේ සර්ලා මිස්ලත් එක්ක එකතු වෙලා වැඩ ටික කරගෙන යන්න."

යාදව්ට සංවිධායක මණ්ඩලේ සබාපති කම දීපු විදුහල්පති තුමා එතනින් නැගිටලා ගියේ නියෝජ්‍ය විදුහල්පති තුමාට මොනවදෝ හයියෙන්ම කියාගෙන.

"ඒ බං..... අර අභිෂේක් අයියා නේද ? ඩ්‍රාමා එකේ....."

"ආනේ ඔව් මයි !!!! අඩෝ ලස්සන බලපන්කො බං, මට නිකම් හාට්ටැටෑක් වගේ ඕයි..... අනේ ඒ තොල් දෙක හව් ගාලා හපන්න හිතෙනවා....."

නාමලේඛණ තියෙන තැන හිටපු කෙල්ලො දෙන්නෙක් මොකද්දෝ වැඩකට ඔෆිස් එකට ඇවිත් ඉඳපු අභිෂේක්ව පෙන්නන ගමන් එහෙම කුටු කුටු ගෑවෙ යාදව් එතනින් යන්න හදනකොටම.

කොල්ලෙක් කුලියට දීමට ඇත. ( complete ) +18Where stories live. Discover now