"උදේ නැගිටලා බලනකොට මේන් සයිස් !"
සුක්කානම අතෑරපු යාදව් අත් දෙක දෙපැත්තට කරලා පෙන්නන ගමන් එහා පැත්තෙ අසුනෙ උන්නු චාර්ලිට කිව්වා.
"මොකද්ද ? උඹේ පුකද ?"
"නෑ නෑ යකෝ...... සුදු සීයාගෙ මූණ."
"මලහත්තිහුත්තයි ! බැන්නෙ නැද්ද උඹට ?"
"තනි රෑට උක්කන උන්ව ගේ අස්සෙ දා ගත්තා කියලා නම් බැන්නා කන් පිරෙන්න."
යාදව් උත්තර දෙනකොට චාර්ලි කල්පනාකරන්න පටන්ගත්තෙ එළියේ හෝ ගාලා වහින මොරසූරන වැස්ස දිහා බලාගෙන.
"උඹ කොල්ලෙක් එක්ක ඇමිනුනා කියලා අහුවෙලත් එච්චර සතුටුදායක රියැක්ෂන් එකක් දක්වපු එක නම් සෑහෙන පුදුමයි !"
"ඒකනෙ උත්තො මම මේ කියන්නෙ..... එක්කො පොඩි එකා මොනාහරි කියලා තියෙනවා සීයට සැරටම. මට කිව්වා ඒකගෙ කටට වෙනම බද්දක් ගහන්න ඕනි හරිනම් කියලාත්."
චාරිලටත් එකනම් හිනා ගියා වගේ.
"ආහ්......ආයෙ කිව්වා එකම කොල්ලත් එක්ක දිගටම හුකන්න තියාගන්න එපා කියලා."
"ඒක ඇත්ත.... සුදු සීයා හරි , හුකලා හුකලම ආදරේ හිතුනොත් එහෙම. මල ජංජාලයක් වෙනවා. "
චාර්ලි කිව්වෙ හොඳට යාදව්ගෙ පැත්තට හැරෙන ගමන්.
"බලමුකෝ...... කොහොමත් මට තෝරාගැනීමක් කියලා එකක් නෑනේ. තාත්තා කියන එකීව බැඳගෙන හුක හුක ඉන්න වෙනවා."
"වෙලාවට නේද ඕයි තාත්තා අභිෂේක්ව දැක්කෙ නැත්තෙ."
"දැක්කෙ නෑ නෙවෙයි සීයා අපිව හැංගුවා ! අහුඋනානම් මටත් ගහලා උටත් ගහනවා."
යාදව්ගෙ තාත්තගෙ නපුරු කමේ තරම දන්න හන්දම චාර්ලි ඔලුව වනලා හිස් මුදුනින්ම ඒක පිලිගත්තා.
අහස පුරා විටින් විට රිදී පාටින් ඉරි ඇඳෙනවා , ඉස්සරහා ග්ලාස් එකට නොනවත්වාම දඩ දඩ ගාලා වතුර කැට පිටින් වැටෙනවා, සුලඟ සැර හන්දාම ඉහළ ගත්තු කුඩ අමාරුවෙන් වාවගත්තු මිනිස්සු පාරවල් පුරා දුවනවා. තාමත් හවස උනත් වැහි අඳුර හන්දා රාත්රිය වගේ ගොම්මන් කරුවලකුත් තිබුනා.
YOU ARE READING
කොල්ලෙක් කුලියට දීමට ඇත. ( complete ) +18
Non-Fictionආලය යනු දී කිරි නම් රතිය යනු කිතුල් පැණිය.