Taste

5.7K 641 152
                                    

"යාදව් සර්........ අද අභිෂේකුත් එනවාලු නේද ?"

පොඩි හාදයා ඉස්කෝලෙන් අස්වෙලා ගියපු දවසෙ බදාගෙන අඬපු ලියන්ත සර් නැට්ට ගිණි අරන් වගේ එහෙ මෙහෙ දුව දුව හිටපු යාදව් සර්ගෙන් ඇහුවා.

"ඔව්......ඔව්..... දැනටමත් මග එනෝ ඇති ! ලියන්ත සර්, චියරින් ටීම් එක ලෑස්තී නේහ් ?"

"ආ......ඒවා හරි, ඒවා හරි.... අර ඉන්නෙ."

කොට සායවල් ඇඳගෙන අත් කපපු ටී ෂර්ට් ඇඳගෙන පාට පාට සවරම් අතේ තියාගෙන ඉඳපු ගෑල්ලමයි ටිකක් පෙන්නලා ලියන්ත සර් කිව්ව‍ා.

"මොන ! මොනවද ලියන්ත සර් අරුන් අර අතේ තියන් ඉන්නෙ ? සවරන්ද ? ඕවට කටක් ඇරලා සවරන් කියන්න පුළුවන්ද ! අයියෝ අර බලන්නකෝ...... අපේ පූසාගෙ පස්ස පැත්තෙ මයිලුත් තියෙනවා ඔයිට වඩා. ඕකට තව රැලි තියෙන්න ඕනි ලියන්ත සර් ! මීට වඩා හොඳයි මුන් ලී කෙලි නැටුවනම්."

ලියන්ත සර් දිහා බලලා කටත් ඇද කරලා යාදව් එන්න ආවෙ අත් ඔරලෝසුවෙන් වෙලාවත් බලන ගමන්. ගුරුකුලේ මේ පාර බිග් මැච් එකේ සත්කාරක පාසල හන්දා වැඩ වැඩී අපේ යාදව් සර්ට හොඳටෝම.

NIKE ස්පෝටි සුදු සපත්තු දෙක, තද නිල් පාට adidas බොටම් එක, ගුරුකුලේ බැජ් එක ගහපු සුදු පාට sleeveless top එක යට කරලා, කලු පාට කැප් එකක් දාගෙන gold frame shades දෙක්කුත් දාගෙන, යාදව් සර් පිට්ටනිය මැද්දට ගියේ ෆයිල් එක්කුත් අතේ තියාගෙන විසිල් එක්කුත් කරේ දාගෙන.

"ඔය පෑඩ් ටික හරියට දාගනිල්ලා බං, නැත්තම් අනාගතේ ලෙෆ්ට් වෙයි උඹලගෙ."

"සිරිමත්, දැන් කීයෙ ඉඳලද උඹ ඔය කලිසම අස්සෙ අත් දෙක දාගෙන ඉන්නෙ ? මොනාහරි නැගලා තියෙනවනම් බස්සගෙන වරෙන් ඉක්මණට."

"නිසාල් ! ඔය හෙල්මට් අත ගගා ඉන්නැතුව දාගනින් හරියට."

"ඕයි පුතා....... ඔය බැට් එක කකුල් දෙක අස්සෙ ගහගෙන ඉන්නැතුව බිමින් තියපන් බං."

"ආ....මේ මොකද මේ ! වයිස් කැපා නේද, ඕකවත් තනියෙන් දාගන්න බැරිද ?"

"ජනිදෝ................"

මලකට බඹරෙක් ඇදෙන තාලෙට යාදව් කෙලින්ම ගියේ ජනිඳු ඉන්න පැත්තට.

කොල්ලෙක් කුලියට දීමට ඇත. ( complete ) +18Where stories live. Discover now