"අම්මේ......"
"අම්මේ......"
"ම්............."
"අම්මේ......"
"ඇයි වදේ ? ......"
පරිප්පු හොද්දක් හැඳි ගාන ගමන් මුහුණු පොත පීර පීර හිටපු අභීගෙ අම්මා තුන්වෙනි පාරටත් කතා කරාට පස්සෙයි ඒ මූණ දිහා බැලුවෙ.
දොර උලුවස්සට හේත්තු වෙලා ගෑස් එකේ දැල්ල දිහා ඔහේ බලාගෙන හිටපු අභීගෙ මූණෙ තිබුන ගැඟීම් ගැන වදපු අම්මට පවා තේරුම්ගන්න බැරි වෙන්න ඇති.
"සති දෙක්කට විතර කලින් ඉස්කෝලෙදි....."
"ඔව් ඉතින් !"
ෆෝන් එක පැත්තකින් තිබ්බ අම්මා ඉණට අත තියාගෙන අභීට රැව්වෙ එයා වෙනදට මෙහෙම අස්සට ඇවිදින් තෙපර බබා කතා කරන්නෙ නැති හන්දා.
"මට සිහි නැති උනා. ලියන්ත සර් තමා මාව හොස්පිල් අරන් ගියේ...."
"ආ...ඇත්තද ? එහෙනම් ඉතුරු ටිකත් ලියන්ත සර්ටම කියලා කරගන්නවා !"
කියපු අම්මා පරිප්පු හොද්ද ලිපෙන් බාලා හැරුණෙ පොල් ගෝනිය පැත්තට.
"එතනදි මට චෙකප් වගයක් එහෙමත් කරා...."
"දැන් එතකොට ඒවටත් ගෙවන්න ඕනි කියලද ඔය දැන් කියන්න හදන්නෙ ? අනේ මේහ් ! මට නම් සල්ලි නෑ උඹට ගෙවන්න......"
"මට වියදම් කරන්න විතරද අම්මෙ සල්ලි නැත්තෙ ?"
එක අතක පොල් ගෙඩියක් අනික් අතේ මන්නයක් තියාගෙන අම්මා අභීගෙ පැත්තට හැරුණෙ මොන දේ උනත් කවදාවත් මෙහෙම ප්‍රශ්න නොකරපු කොල්ලා ඇයි එකපාරටම මෙහෙම අහන්නෙ කියලා හිතාගන්න බැරුව.
"මොකද්ද ඒ කතාවෙ තේරුම ?"
"ඊයේ උදේ මල්ලිට එක දිගට කිබුහුම් පහක් ගියා කියලා හවසම ගිහින් බෙහෙත් අරන් ආවෙ ! එයාට බෙහෙත් ගන්න සල්ලි තියෙනවා මට තමා නැත්තෙ....."
අභී පුලුවන්තරම් සන්සුන්ව එහෙම කිව්වෙ ලොකු සුසුමකුත් පිට කරන ගමන්.
"තමුන්ට ඉතින් බෙහෙත් ගන්න තරම් අසනීපයක් නෑනේ ! ඔය ඉන්නෙ යස අගේට......"
"අම්මා කොහොමද දන්නෙ අසනීපයක් තියෙනවද නැද්ද කියලා ? තේරෙයි මම එකපාට්ටම හුචැස් ගාලා මැරිලා ගිය දවසට....."
YOU ARE READING
කොල්ලෙක් කුලියට දීමට ඇත. ( complete ) +18
Não Ficçãoආලය යනු දී කිරි නම් රතිය යනු කිතුල් පැණිය.