"යා...... දව් !"
"සුදු බෝලේ......"
"උම්මා කැටේ......."
"ඒයි......."
"මේ ඕයි !!!!"
"කටේ සුපර් ගූ ගාලා වගේ ඉන්නැතුව කතා කරපන්කෝ......."
ආපහු නවාතැන්පලට යන ගමන් උන්නු අභිෂේක් යාදව්ගෙ කන ලඟ ඉඳලාම හයියෙන් කතාකරේ දැන් සෑහෙන වෙලාවක ඉඳලා ලොකු හාදයා පොඩි හාදයා එක්ක කතා නොකරපු හන්දා.
ගිලෙන්න ගියාද කියලා ගානක්වත් නැති අභිෂේක් හිටියෙ යාදව්ට එහාපැත්තෙ ඉඳගෙන යාදව්ගෙම කන් ඇබ දෙකෙන් සිංදු අහන ගමන් වෙනකොට යාදව් හිටියෙ තාමත් ඒ සිදුවීමෙන් සලිත වෙලා වෙන්ඩෑති.
සුපෝපබෝගී වාහන පෙල ආරක්ෂක වාහනද සමගින් ඇවිදින් තවාතැන්පල ලඟ නතර උනාම එකිනෙකා හෙමීට බැහැගත්තෙ කොයි වෙලේද ඇඳට යන්නෙ කියලා බලාගෙන. අද හරි වෙහෙසකර දවසක් නොවැ.....
"කිරි පුතේ.... මේ අහපන්කො, අර මිල්ක්ෂේක් හාදයාව හොඳට බලාගනින් හරිද ? කොල්ලට සෙනසුරු ලබලද කොහෙද මේ දවස්වල."
වාහනෙන් බැහැපු ජනාධිපති තුමා එහෙම කිව්වෙ මූණ පුම්බගෙන ඉන්න යාදවට.
"හා...."
යාදව් තරහට වගේ එහෙම කිව්වෙ කියාරායි නේවින්යායි දෙන්නා අභිෂේක්ව වට කරගෙන සැපදුක් අහනහැටි දිහා රවාගෙන.
සුදු සීයාටත් ගස්සගෙන එතනින් ආපු යාදව් කෙලින්ම ගියේ අභිෂේක් ලඟට. පොඩි හාදයාගෙ එක අතකින් තද කරලා අල්ලගත්තු යාදව් නේවින්යාගෙ මුණ දිහා බැලුවෙ කන්න වගේ බැල්මකින්.
"අද රෑට තමුන්ගෙ කෑල්ලට අපේ කාමරේ පැත්ත පලාතේ එන්න එපා කියන්න. හැබැයි බැරිවෙලාවත් ආවොත්, පහුවදාම ඉස්කෝලෙන් අස්වීම ගන්න ලෑස්ති වෙලා ඉන්න වෙයි."
නේවින්යාගෙ මූණට එහෙම කියපු යාදව් විදගෙන හෝටලේ ඇතුලට ආවෙ පොඩි හාදයාවත් අතින් ඇදගෙන.
"යා.... දව් ! යාදව්වෝ....... !!! මොකද හුප්තෝ වෙලා තියෙන්නෙ ?"
සෙනග මැද්දෙන් එහෙට මෙහෙට හැරි හැරි යාදව් කඩාගෙන බිඳගෙන ඉස්සරහට යනකොට පිටිපස්සෙන් ඇදිලා ආපු අභිෂේක් ආයෙමත් කෑ ගහන්න ගත්තෙ කකුලෙ චූටි ඇඟිල්ල මෙසෙක කෙරවලක වදිනකොට.
YOU ARE READING
කොල්ලෙක් කුලියට දීමට ඇත. ( complete ) +18
Non-Fictionආලය යනු දී කිරි නම් රතිය යනු කිතුල් පැණිය.