ඒ අනුව මේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ නව ජනාධිපතිවරයා ලෙස බහුතර ජනමතයට අනුව අචින්ත රණසිංහ මැතිතුමා සුදුසුකම් ලබනවා.
රට පුරා රැව් පිලිරැව් දුන්නු ඒ ප්‍රවෘත්තියෙන් පස්සෙ නෙවිල් දුණුකේආරච්චි ඇමතිතුමාට නඩු වැටුනෙ පිට පිට. සිංගප්පූරුවෙදි ඝාතනයකට අනුබල දුන්නා කියලා පටන් ගත්තු චෝදනාවෙන් පස්සෙ මත්කුඩු මත්ද්‍රව්‍ය චෝදනා, ප්‍රචන්ඩත්ව ගහ මරාගැනීම් චෝදනා, මූල්‍ය වංචා චෝදනා එහෙම එක පිට එක වැටුනෙ හිතාගන්න බැරි තරම් වේගෙන්. ඒ උනාට නඩු වැටුන තරම් වේගෙට උනේ නෑ වැඩ නම්. උසාවී පොලීසි ගානේ නඩු ඇදී ඇදී ඔහේ ගියා මේ මාස හයම පුරාවට. වත්මන් ආණ්ඩුව අධිකරණයට බුරුලක් දුන්නෙම නැති හන්දා මීට සතියකට විතර කලියෙන් කූරු ගනින්න බලාගෙන වැලිකඩ යන්න උනා නෙවිල් ඇමතිතුමාට.
යාදව් නම් උන්නෙ තාත්තා කියලා එකෙක් අඳුරන්නැති ගානට. ඇත්තටම යාදව් කොහොමත් උන්නෙ නොපෙනෙන බලවේගයක් ගානට. පොඩි හාදයාගෙ මරණින් පස්සෙ ලොකු හාදයා සම්පූර්ණයෙන්ම නිහඬ චරිතයක් බවට පත් උනා. එයා ජීවත් උනා, හුස්ම වැටෙන හන්දාම ජීවත් උනා.
"මට තාමත් විශ්වාස කරන්න බෑ බං අභී මැරිලා කියලා."
යාදව් නිතරම චාර්ලි එක්ක ඔහොම කිව්වා මේ මාස හය පුරාවටම. මතක වලින් පිරිලා ඉතිරිලා ගියපු ඒ පාසල ඇතුලෙ තවදුරටත් හුස්ම ගන්න බැරි උනා යාදව්ට. ඉතින් යාදව් සර් ඉස්කොලෙන් අස්වීම ගන්නකොට ජනිඳු ඇඬුවෙ පිට්ටනිය මැද පස් කාගෙන. මොකද කොල්ලා යාදව් සෑර් කියාගෙන පස්සෙන් දුවගෙන ඇවිදින් උගේම ලේස් එකක් පෑගිලා ඇදගෙන වැටුනා පතෑස් ගාලා.
සුපුරුදු පරිදි සූර්යයා භ්‍රමණය උනා ලෝකය පරිභ්‍රමණය උනා කාෂ්‍යප - විජ්ජුලතා කතාංගය සම්පූර්ණයෙන්ම මතක අස්සෙ වැලලිලා යනකොට චිත්‍රා උන්මාද චිත්‍රාවක් උනා.
අර තිත්වැටුන මූණෙ ඇඳෙන හිනාව දැන් ඇඳෙන්නෙ හරි කලාතුරකින්, ඒ පාට දෙකේ ඇස් දෙක නම් දිලිහෙන්නෙම නැති තරම්.
කොටින්ම කිව්වොත් හස්ත කර්මාණ්තයකින් වත් කිරි මුට්ටිය උතුරවන්න ආසාවක් තිබුනෙ නෑ ලොකු හාදයාට.
YOU ARE READING
කොල්ලෙක් කුලියට දීමට ඇත. ( complete ) +18
Saggisticaආලය යනු දී කිරි නම් රතිය යනු කිතුල් පැණිය.