"ඒ බං පකිච්චියේ......"
"ඕ කියපන් පගයෝ......"
"අර ජනිඳුවා මොන සෙක්ෂන් එකේද ?"
"කොමස්ද කොහෙද.... ඇයි ?"
සඳුදා උදේ වරුවෙ තිබුනෙ වාණිජ අංශයේ සහ තාක්ෂණ අංශයේ ක්රිකට් මැච් එක වෙනකොට කිරිහල ගාව කිරිටොපි කන ගමන් අභිෂේක් හිටියෙ කියාරත් එක්ක බර කතාවක.
"මට පේන්නෙ යාදව් සර් උන්ගෙ පැත්තට අදිනවා..."
"අනේ අනේ මේහ් ! අර රත්තරන් ටිකට ඉන්න යාදව් සර්ට අභූත චෝදනා එල්ල කරන්න ලෑස්ති වෙන්න එපා ආහ්.... කපනවා පෙති පෙති තෝව..... එච්චරයි !!!!"
ඇඟිල්ලකුත් උලුක් කරගෙන ඉන්න කියාරා දිහා කට ඇදකරගෙන බලපු අභිෂේක් ඒ කොන්ඩ කරලක් අග තිබුන රිබන් පටියෙන් ඇද්දෙ ගැටගහලා තිබුන මල ලෙහිලා බූලත් එක්කම බිමට වැටෙන තරම් හයියෙන්.
"උඹේ ඔය රත්තන් ටික රෝල් කරලා ගහගනින් පුකේ ! "
"යැයි යැයි තමා..... ආයේ මගේ රිබන් එකට අත තියලා තිබ්බොත් එක අරන් මලක් බඳිනවා තොගේ අහවල් එකේ හරිද ! හිපාටුවා....."
ආයෙමත් ලෙහිච්ච කොන්ඩෙ අග ගොතන ගමන් කියාරා අභිෂේක්ට එහෙම කිව්වෙ දත් මිටි කන ගමන්.
"ඔන්න දැන් ජනිඳු තමයි බැටින් හරිද , අර අර බලපන්කෝ..... යාදව් සර් අම්පයා වෙලත් උගේ පිටට තට්ටුවක් දැම්මා. එහෙම ඕනි නෑ නේ...! අම්පයා නම් අම්පයා විදිහට රිට වගේ හිටගෙන ඉන්නඕනි කට පුක පියාගෙන....."
සාක්කුවට එක අතක් දාගෙන එක අතකින් පිට්ටනියට ඇඟිල්ල දික් කර කර හක්කෙ කිරි ටොපි කෑල්ලකුත් තියාගෙන පොඩි හාදයා මැසිවිලි නගන්න ගත්තා.
"කියවන්න එපා පකෝ..... ඔය කිරි ටොපි කෑල්ල හිර වෙයි !"
"ආ....අන්න අර බලපන්, හයේ පාරක් ගැහුවෙ ජනිඳු උඩ පනින්නෙ යාදව්... සර් ! ඔය ඔය ඉතින් අර හොරෙන් තම්බ්ස්අප් එක්කුත් දෙනවා..... මේ මේක නම් හරි යන්නෑ !!! මේ අම්පයා තනිකරම ජනිඳුට අදිනවා....ආහ් නෑ නෑ කොමස් එකට අදිනවා....."
"හරි ඉතින්..... ජනිදු කියන්නෙ යාදව් සර්ගෙ හොඳම ගොලයනේ, සතුටු ඇති හයේ පාරක් ගැහුවම."
YOU ARE READING
කොල්ලෙක් කුලියට දීමට ඇත. ( complete ) +18
Non-Fictionආලය යනු දී කිරි නම් රතිය යනු කිතුල් පැණිය.