දෙවනි දිගහැරුම

496 54 27
                                    

Deshh pov...

"උළු කැටයක් ගළවල හරි පනිමු බං. එහෙම වුකන්න දෙන්න බෑනෙ"

මං කිව්වෙ දොර අරින්නෙ නැතිම තැන වෙද්දි අපායට ගියත් එන මගෙ පව්කාර යාලුවා කෙවින් එක්ක මං වහලෙට නැගගත්තා. අතත් රිදෙනව. අනිත් හැම තැනකම එක්කො ස්ලැබ් නැත්තන් සීට් දාලා තිබ්බ උනත් මං හිතන්නෙ මේන් හෝල් එකේ පරණ ගතිය දිගටම තියෙන්න ඕන හින්දම උළු තියලා අනිත් රෙපෙයාර් විතරක් කලා. මං උළු කැටයක් ගලවලා ශෙනෝල් දිහා බැලුව. ඌ වටේ කැරකි කැරකි කවුරුහරි එනවද බලනවා. මූ නැත්තන් මට මේ ඉස්කෝලෙ ගමනත් එපාවෙනවා. හැබැයි මං හිතන්නෙ දැන් මට තව හේතුවක් තියෙනවා.

"අඩෝ මං මේක ගැළෙව්වා."

මං කෙවින්ට කිව්වම ඌත් ඇවිත් බැලුවා. මහ උසක් නෑ පස්සහා උළු කැටයක් ගළෝපු හින්දා. මං දන්නව. දැන් ඇතුළට ගිහින් මාව මගෙ සුදු හෙඩ් ප්‍රිෆෙක්ට් අයියට ප්‍රෙශර් වැඩි වෙයි..

.

.

.

.

මං හිටියෙ මූණත් රතු කරන් බෝල මූණ තව ටිකක් පුම්බන් ඉන්න එයා දිහා බලන්.. මං එතනට ගියෙ ඩියුටි දාගන්න. අපි පැනල තියෙන්නෙ උළු කැටයක් ගළෝලා කියල දැක්ක ගමන් එයාගෙ ප්‍රෙශර් නැග්ගා. මං කිව්වෙ. සුදු අයියට පපුවෙ අමාරුව අල්ලන්න ඇති. අතගාලා දෙන්නත් පුළුවන් ඕන නම්.එක්කො මං ඩියුටි දාගන්න යන ගමන් අතගාල දෙන්නද අහන්න ඕන.

මට උදේ එයාගෙ ඇඟට පතබෑවුනයින් පස්සෙ ඇත්තටම සිකුරා ලැබුවද කොහෙද. මං හිතන්නෙ මටත් නොදැනිම මං එයාගෙ පස්සෙන් යන්න ගත්තද? මේ මම? පස්සෙන් යන්න? මේ දේශ් පස්සෙන් යන්න මොන පිස්සුද? හහ්! යනව තමයි. මට ඕනෙ නං ඕනෙමයි! මටෝන්නං මං පස්සෙන් යනව වාත වෙනව. එහෙම වුකන්න දෙන්න බෑනෙ. මං එයා දිහා කෙලින් බලාගෙනම කෙවින්ගෙ කරට අතක් දාලා කටේ තිබ්බ චුවින්ගම් එකෙන් ලොකුම ලොකු බෝලයක් පුම්බලා ටොක් ගාලා ඒක පුපුරලා ඇරියා. විනෝදයි මේ මනුස්සයාගෙ මූණ බලන්නත් හුරතල් රතු වෙලා හකු ගැහෙන්න ගත්තා. ඌහ් මගෙ සුදු අයියට මලපැනල.

"අයියෙ අපිට මොනාද ඉතුරු?"

කෙවින් අනික් අයියගෙන් අහද්දි මං ඒ පොත දිහා බැලුව. පොඩ්ඩක් ඉන්නකො උදේ හිටියෙ මෙයාල ගේට් එක ගාවනෙ එතකොට හැමපාරම හෙඩා ඉන්නෙ ගේට් එක ගාව. ම්හ්ම්.. එහෙනං ගේට් එක ගාව දාමු.

White lotusWhere stories live. Discover now