"අනේ මාවත් ගේට් ඩියුටි ගන්නවකො සුදු අයියෙ..."
එකට විස්සක් තියල ක්ලාස් වලින් එලියට ආව ප්‍රිෆෙක්ට්ලා ඩියුටි වලට යද්දි මගෙ පස්සෙන් ආවෙ දේශ්.. දැන් මේ අදින ඇදිල්ලට මගෙ අත කැඩිලා යනවා..
"හෙට ඉඳන් දාන්නම් එකපාර වෙනස් කරන්න බෑනෙ චූටි මැනික"
"හැබැයි මම තරහයි සුදු අයියෙ ඔයා මාව ඩියුටිත් මාරු කරා"
දේශ් කියද්දි මං එයා එක්ක හිනා උනා. ඉතින් ඇත්තටම මට තරහ ගියා. ලේසියකට තරහ යන්නෙ නැති මට තරහ යද්දි යක්කුන්ට අන්තයි. මම එදත් ඉවසන් හිටියා..
"දැන් ඩියුටි යන්න. මං හෙට ඔයාව මෙතෙන්ට දාන්නම් ම්ම්.. ඩියුටි ඉවර උන ගමන් එන්න නටන්නැතුව"
"ම්හූ.."
බෑග් එකත් අරන් යන දේශ් දිහා මං බලන් හිටියා... හෙට පාන්දර අප්පච්චි ආවම මේ තියන සැනසීම නැතුව යනව කියල මතක් වෙද්දි හිතට මහ බර හැඟීමක් දැනෙනව..
ගේට් එකෙන් එළියට යන ළමයි පුරුද්දටම මං ඉන්න හින්ද සිල්වත්තු වගේ පෝලිම් වල යද්දි අන්තීම ළමයත් යනකල් ඉඳපු මම බෑග් එක අතට අරන් තනි කරට එල්ලගත්තා.
මගෙ ඇස් වලට අහූනේ හිනාවේගෙන එන දේශ්ව. එයා නම් කොයිවෙලෙත් ඉන්නෙ සතුටෙන්..
"මං ආවා!"
"අපි අද එන්නෙ නෑ කෙවින් පොඩි ගමනක් යනව.උඹල දෙන්නත් එ-"
"නෑ නෑ කපල් යන ඒවට අපි ඇවිත් මොනා කරන්නද.. අපි ගෙදර යන්නම්.."
"අව්ලක් නෑ යමන් අපි එක්ක කාල ෆිල්ම් එකක් බලල හවස් වෙලා එමු?"
"බෑ දේශ්..ශෙනෝල් අයිය යනවද?"
"ඕන්නෑ නේද.. එයාල ගියපුවාවෙ"
YOU ARE READING
White lotus
Fanfiction"දෙයියන්ගෙ නාමෙන් මට පාඩුවෙ ඉන්න දීපන් අයියෙ..මේ හැමදේම විහිළුවක් කියල අමතක කරපන්..." "මෙහෙම කරන්න එපා චූටි මැනික.. උඹම පණ දුන්න හදවත කුඩුපට්ටම් කරල දාල යන්න එපා බන්.." ............🍃............ "කැප්ටන් ස්නේහ වික්රමනායක....?" "මට කියපන් දේශ් උඹ ම...