විසිහයවෙනි පරිච්ඡේදය

209 30 14
                                    

දවල් පොඩ්ඩක් වටපිටාවෙ ඇවිදල හය හත වෙද්දි අපි ඉන්න ගත්ත හොටෙල් එකට ආවෙ දෙන්න දෙන්න ගානෙ බෙදිලා රූම්ස් වලට යන්න කියද්දි. කොල්ලො ටික උඩට සෙට් උනත් ගෑන්ළමයින්ට වෙන් වෙලා තිබ්බෙ අපිට වඩා පල්ලෙහා තට්ටුවක්. එළියට ගෙයක් වගේ පෙවුනට ඇතුළට ආවම තමා අපිත් දැක්කෙ මේක ඇතුලෙන් රූම්ස් බෙදල තියෙන්නෙ කියල. දේශ්ගෙ ඩැඩා තමා මෙතන ඇරේන්ජ් කරල තියෙන්නෙ. ලේසි පහසු ගානක් නෙමේ යන්න ඇත්තෙ.. ඇටෑච් බාතෲම්ස් වලට අමතරව වත්තෙ අයිනට වෙන්න පූල් එකකුත් තියනව.හැබැයි ඒකට බහින්න නම් තහනම් කරේ ළමයින්ගෙම හොඳට. මොකෝ එසේ මෙසේ නැටිල්ලක් නෙමෙයිනෙ මුන්ට තියෙන්නෙ..

හැමෝම රූම්ස් වලට ගියෙ රෑ කෑමට එළියට එන්න බලන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හැමෝම රූම්ස් වලට ගියෙ රෑ කෑමට එළියට එන්න බලන්. මමයි ශෙනෝලුයිත් කාමරේකට ආවෙ දේශුයි කෙවිනුයි අපිට එහාපැත්තෙ කාමරේට යද්දි.


"විශ්මික මට උඹ එක්ක කතා කරන්න දෙයක් තියනව.."

ශෙනෝල් කියද්දි මං ඌ පස්සෙන්  කාමරේට ආව.

"ඇයි මචන්"

"දේශ් එක්ක කතා කරල ප්‍රශ්නෙ විසඳගනින් මචන්.. මං හිතන්නෙ උඹ වරදවා වටහගෙන. දේශ් වැරදි මං නෑ කියන්නෙ නෑ. ඒත් උඹල ඔහොම ඉන්න එපා බන්. බල්ලො බළල්ලු වගේ කාගන්න එපා. උඹට ඌ මාරම ආදරෙයි. උඹත් එහෙමනෙ කොහෙවත් යන කෙල්ලෙක් හින්ද ආදරේ නැතිකරගන්න එපා බන්.."

"ම්ම්.."

කාමරේ බාතෲම් එකෙන්ම නාගත්ත මම රූම් එකෙන් එළියට ඇවිත් කෙලිම්ම ගියෙ පිටිපස්සෙ කෙළවරේ පූල් එක ගාවට.. කන්නවත් පිරියක් නෑ..

පූල් එක ගාවට එද්දිම මං දැක්කෙ පූල් එකේ ගැට්ටෙ ඉඳගෙන වතුරට කකුල් දෙක ඔබන් කොහෙද ඈතක් බලන් කල්පනා කරන දේශ්ව..

White lotusWhere stories live. Discover now