දාහත්වෙනි පරිච්ඡේදය

368 30 12
                                    

"පව්කාරයා! උඹ පව්කාර බල්ලා.. ඇයි යකෝ පැය බාගයක්ම කලින් යන්නෙ. උඹට මාව දාල යන්න බැරිද ඈ යකෝ දුක නැද්ද.. මහ තිරිසනෙක් බන් උඹ.. තිරිසන් සතා.. හෙනම ගහපිය බලපන් මගෙ කකුල් දෙක රිදෙනව. ඒ අස්සෙන් අර කෙවින් ඇටයා කරේ නගිනවා. ඒ අස්සෙ තෝ ඌ අස්සටම මාව ඇදන් යනව. හිතක් පපුවක් නැද්ද බන් ඈ හිතක් පපුවක් නැ-"

"අප්පෝ කට වහගන්නකො"

ක්ලාස් යන්න බලන් වේලස්සන ලෑස්ති උන මම හතරාමාර වෙද්දි ගෙයින් එළියට පැනල පහාමාරට පටන් ගන්න ක්ලාස් එකට පහ වෙද්දි ඉන්නවත් යන්න ආවා. දාල ගියාම කොල්ලො කපල යනව කියල අහගන්න වෙයි කියල හිතුවට දැන් ශෙනෝල් මේ බනින්නෙ ඌව එක්කන් යනව කියල. අනේ මන්දා එක්ක ගියත් වැරදි නැතත් වැරදි..

"අනේ මට නිදිමතයි හු#තෝ.."

"ශෙනෝල්!!"

"අම්බෝ හරි හරි සමාවෙයන්. අමතක උනා උඹ පෝයටත් සිල් අරන් රෑට නිදාගද්දිත් භාවනා කරල නිදාගන්න පොරක් කියල"

බස් එකෙනුත් බැහැලා ක්ලාස් එකට යද්දි දේශ්ලට තාම ක්ලාස් ඉවර වෙලා තිබ්බෙ නෑ. මම එළියෙ පඩියක් උඩ ඉඳගත්තෙ ශෙනෝල් කඩේට දුවලා ගිහින් අයිස් පැකට් දෙකක් අරන් එද්දි.

"කෝ බන් තාම නෑනෙ.."

"ඇයි උඹලගෙ අප්පද ක්ලාස් කරන්නෙ ඉඳපන් ආවනං එයි කීයටහරි"

ශෙනෝල් කියද්දි මං ෆෝන් එක එළියට අරන් නිදන් ඉන්න දේශ්ගෙ මං ගහගත්ත ෆොටෝ එකක් දිහා බලන් හිටියා..

හුරතල්!... මං ඒ නිවිච්ච මූණ දිහා බලන් ඉද්දි අව්ව පවා මට නොදැනුනා.. නිදන් ඉද්දි නම් අහිංසක පාටයි.. හැබැයි ඇහැරලා ඉද්දි මේ ලපටියා කපටියා වෙනවා.. නොදැනිම මූණෙ හිනාවක් ඇඳෙනකොට මං එහෙම්ම ස්ක්‍රීන් එකේ පේන එයාගෙ මූණ උඩ මගෙ ඇඟිල්ලක් ගෙනිච්චා.. එකපාට්ටම ක්ලාස් එක ළමයින්ගෙ කටහඬවල් වලින් පිරිලා යද්දි මං ෆෝන් එක එහෙම්ම සාක්කුවට දාන් නැගිට්ටා.. දැන් එයි යක්ස පැටියා මගෙ..

"කෝ බන් මේකා.."

"කව්ද?"

"කෙවින් හු*-සොරී"

අනේ මන්දා කෙවින් වදේ කිය කිය ඌ එනකල් බලන් ඉන්නවා. අර කව්ද හාමුදුරු කෙනෙක් කිව්වා වගේ මූ ගොනා නෙමේද පුතා

White lotusWhere stories live. Discover now