Special notice..
මං අපෙ මේන් ගෙ නම ජූන්ජියක් වෙනස් කරා.. දැන් එයාගෙ නම 'ස්නේහ විශ්මික' කලින් තිබ්බ මුල් කෑල්ල සූට්ටක් විතර වෙනස් කරන්න හිතුන. ඉතින් ඉශිර ස්නේහ උනා. මෙතනින් ඉස්සරහට ස්නේහ කියලා පාවිච්චිවෙයි. ඒ වගේම එපිසෝඩ් ටිකක් ඉස්සරහට මම මේක ලියල තියන හින්දා.. හදන්න බැරුව ගියපු නම් තියනව නම් මට නෝට් කරල පෙන්නන්න..Thank you..
Back to story....
"අම්මා.. මං යනව. පුලුවන්නම් පැය දෙකකට හරි ලීව් දාගන්න."
අම්ම කිව්වට එයි කියල ලොකූවට විශ්වාසයක් නැතුව මං කිව්වා. තනියම හරි බැජ් එක ගන්න එක මට ප්‍රශ්නයක් නෙමේ. ඒ උනාට මං ඇතුළෙ ඉන්න පුංචි ළමයට තාම අම්ම අප්ප්ච්චි ඕනා වෙද්දි මගෙ වයසට හරියන දරඳඩු කොල්ලට තනියම හරි බැජ් එක ගන්න පුලුවන් උනා.
මං ෆෝන් එකත් බෑග් එකේ කපල තියන සාක්කුවට දාගන ගෙයින් එලියට බැස්සා. පාරට යද්දි ශෙනෝලුත් බස් හෝල්ට් එකට ඇවිත් හිටියා. දැන් ඉතින් ආය ලේ පුච්චගන්න දවසක්...
"උඹ ඇයි වේල-අහ් අමතක උනානෙ...දැන් ඩිපියුටි හෙඩ් ප්‍රිෆෙක්ට් නෙ අයියා"
මං උගෙ පිටට එකක් ගහද්දි ඌ මූණ දෙල් කරගත්තා..
"ඇහැරෙන්න ගියාම එපා වෙනව ඕයි"
ඕය ඕකා නිදාගද්දි පාන්දර තුනවත් වෙන්න ඇති. මං නොදන්න එකානෙ මූ.. ඊටපස්සෙ ඇති වුනේ දිග නිශ්ශබ්දතාවක් වෙද්දි ආය ටිකකින් මට ඇහුනෙ හයියෙන් හිනාවෙවී අපි දිහාට එන කොල්ලො දෙන්නෙක්ගෙ සද්දයක් වෙද්දි මං ඒ දිහා බැලුව. හරි!
අදත් උදේම හරි!
මගෙ හිත හූ කියල අඬද්දි මං දැක්කෙ නෑ වගේ අහක බලාගත්ත. දෙයියො මං එක්ක කෝප වෙලා..
"ගුඩ්මෝනිං අයියෙ..."
YOU ARE READING
White lotus
Fanfic"දෙයියන්ගෙ නාමෙන් මට පාඩුවෙ ඉන්න දීපන් අයියෙ..මේ හැමදේම විහිළුවක් කියල අමතක කරපන්..." "මෙහෙම කරන්න එපා චූටි මැනික.. උඹම පණ දුන්න හදවත කුඩුපට්ටම් කරල දාල යන්න එපා බන්.." ............🍃............ "කැප්ටන් ස්නේහ වික්රමනායක....?" "මට කියපන් දේශ් උඹ ම...