"ඒ ස්නේහ.."
"ඕ.."
"අපි මේ ආතල් එකට උඹටයි දේශ්ටයි විහිළු කරාට ඇත්තටම උඹල දෙන්න අතරෙ ඒ වගේ මොකක් හරි..."
"නෑ නෑ එහම එකක් නෑ"
මූටත් ඕන්නැති චීත්තයක් නෑ හැම රෙද්දම හොයනව. ඕක මෙයාට කිව්වොත් තව කී දෙනෙක් දැනගනීද..නෙතුකට බයින ගමන් මම ග්‍රව්න්ඩ් එකේ අයිනෙන් බිත්තියට හේත්තු උනා. මියුසිකල් එකේ වැඩ පටන් අරන් තියෙද්දි මං දේශ් එනකල් මේ බලන් ඉන්නෙ. ෆෝන් එකේ බැට්‍රිත් නෑ.. අදත් එක්ක දවස් දෙකක් ගෙදර නෑ.. ශෙනෝල්ට බොන්න ඕනෙ කිව්වෙ. බෝලෙ වැදිලත් කට නම් අඩු වෙලා නෑ. බෝල කම්බුල රතු වෙලා ගිහින් ශෙනෝල් ගෙ..
"හැබැයි දැක්කම එහෙම හිතෙන්නෙ නෑ.. අනික අපිට මේ පොඩ්ඩක් ඇලර්ට් එකේ ඉන්න වෙනව.. අර ඉස්කෝලෙ කොල්ලො අපෙ උන්ට කොයි වෙලේ ගහයිද දන්නෑ.."
නෙතුක කියද්දිත් මං ඕක කල්පනා කර කර හිටියෙ. කොහොමත් තරහා තියෙන්නෙ ෆුට්බෝල් ටීම් එකත් එක්ක නිසා මං හිතන්නෙ දේශ්ලා එක්ක තමා රණ්ඩු උනොත්..
"අපෙ ප්‍රිෆෙක්ට්ලා ටික දාන්නකො අපෙ ෆුට්බෝල් ටීම් එකේ කොල්ලො ගාවට. රණ්ඩුවට යන්න එපා කියල කියන්න අපෙ අයට"
මං කියද්දි නෙතුක ඔලුව වැනුවා
"එහෙම බෑනෙ ගැහුවොත් ගහන්න කියපන්"
අශ්වින් මැද්දෙන් පැනල කියද්දි මං එයා දිහා බලල අහක බලාගත්ත. මහන්සී.. මේ වැඩ වලටගොඩක්ම මැරුනෙ අපි හින්ද හෙනට මහන්සී.
"ස්නේහ අයියෙ.."
මං ගාවට ඇවිත් තිබ්බෙ දේශ්.. දේශ් මගෙ අතේ චූටි ඇඟිල්ලෙන් අල්ලගත්තා. ස්පෝර්ට් ඇඳුම මාරු කරන් ඉස්කෝලෙ ඇඳුම ඇඳන් ඉඳපු දේශ් ලොකු ඈනුමකුත් ඇරලා මගෙ අත අස්සෙ මූණ ගහගද්දි නෙතුකයි අවිශ්කයි දෙන්නම කටවල් ඇරන් බලන් හිටියෙ හරියට ඔය නෑ කියපුව වෙන්නෙ වගේ බැල්මකින්..
"අහ් දේශ් මල්ලී.. well done අහ්.."
"ගැම්මක් නේ.."
"ආයෙත් අහල පන්න පන්න ගැහුවෙ."
මාව අතෑරල ඉස්සරහට ගිහින් නෙතුකලා එක්ක කියවන දේශ් දිහා බලන් මං අත් දෙක බැඳන් ආයෙත් බිත්තියට හේත්තු වෙද්දි ශෙනෝලුයි කෙවිනුයි ආවා. කෙවින් ශෙනෝල්ටත් මොනාද කුටුකුටු ගගා බයිනව ඇහෙද්දි මං ඒ දිහා බැලුව. කෙවින් ශෙනෝල්ගෙ මූණට අයිස් බෑග් එකක් තියන් ඉන්නව..
YOU ARE READING
White lotus
Fanfic"දෙයියන්ගෙ නාමෙන් මට පාඩුවෙ ඉන්න දීපන් අයියෙ..මේ හැමදේම විහිළුවක් කියල අමතක කරපන්..." "මෙහෙම කරන්න එපා චූටි මැනික.. උඹම පණ දුන්න හදවත කුඩුපට්ටම් කරල දාල යන්න එපා බන්.." ............🍃............ "කැප්ටන් ස්නේහ වික්රමනායක....?" "මට කියපන් දේශ් උඹ ම...