"ඉලන්දාරියා නැගිටිනවා.."
මගෙ පස්සට වැදුන පරකුත් එක්ක මාව උඩ ගිහින් ඇහැරෙද්දි මං එහෙම්ම මගෙ ඇස් කරකෝලා වෙලාව බැලුවා. පහයි.. හයට බස් එකට යන්න ඕන.. සුදු අයිය ඇති කියල මතක් වෙද්දි මං ඇඳේ ඉඳගෙන බෙඩ් ශීට් එක බෙල්ල ගාවටම ඇදගත්තා..
"මමා..."
"ඇයි දරුවො දැන් වෙලාව කීයද? නැගිටල ලෑස්ති වෙන්න යන්නෙ නැද්ද?"
"යනව අනේ යනවා.."
"නොයා හිටියොත්නෙ පුදුමෙ මට ඩැඩා කිව්ව අන්න පුතන්ඩියගෙ කෙරුවාව.."
මමා කියද්දි මං මමා දිහා බැලුවා.. අපෝ ඩැඩා ගිනි තියලනෙ අනේ..
"අනේ මමා මේ..."
"පසුතැවෙන වැඩ කරන්න එපා දරුවො ඔයා දන්නවද ඔය දරුවගෙ අප්පච්චිලා පුදුම තරම් නපුරු මිනිස්සු.."
"එයා එහෙම නෑ මමා එයා අහිංසකයි"
මං මමාව ඇඳට ඇදල අරන් බදාගද්දි මමා හිනා උනා.. ඉතින් මේ අපේ ගෙදර.. මගෙ මමා ඩැඩා කියන්නෙ පුදුම තරම් සැහැල්ලුවෙන් ආදරෙන් ඉන්න මිනිස්සු වෙද්දි මටයි අයියටයි වෙනසක් නොකරම මාරම විදිහට ආදරේ කරා.. වැරැද්දක් පේනව නම් ඒක පෙන්නලා දුන්නා මිසක් ගහල බැනලා ප්‍රශ්න විසඳන වාතාවරණයක් අපෙ ගෙදර තිබුනෙ නෑ.. මට ස්නේහ අයියා මතක් උනා.. එයාලගෙ අප්පච්චි පුදුම තරම් නපුරු මිනිස්සු තමයි.. හිතට හයිය අරන් අද නම් අයියගෙන් අහනවා. එයා ඇහුවොත් එයා ටොප් මන් ඇහුවොත් මම ටොප්..
"කෝ අහකට වෙන්න දරුවො"
මමා මාව එහාට කරලා නැගිට්ටා..
"හරිම ශෝක් හරීම ශෝක්.. මමා ඇත්තටම ඔයාට මට තව ජූන්ඩියක් නිදාගන්න දෙන්නම බැරිද?"
"චූටි මහත්තයා මේ..."
"හරි හරි අනේ.."
මමාව ටිකක් අව්ස්සන්න ගිහින් කොට්ට පාරකුත් කාපු මම බාත් රූම් එකට රිංග ගනිද්දි මං දැක්කෙ මගෙ මුළු බාත් රූම් එක පුරාම ශැම්පෝ කියල වෙද්දි මට තේරුනා අපෙ නසරාණි අයියා මගෙ ශැම්පො එක විනාස කරලා කියලා
"මමා!!!"
ලෑස්ති වෙලා පල්ලහට ඇවිත් මමා හදල තියපු කෑම එක කන ගමන් ඉඳපු මට හිර උනා..
YOU ARE READING
White lotus
Fanfiction"දෙයියන්ගෙ නාමෙන් මට පාඩුවෙ ඉන්න දීපන් අයියෙ..මේ හැමදේම විහිළුවක් කියල අමතක කරපන්..." "මෙහෙම කරන්න එපා චූටි මැනික.. උඹම පණ දුන්න හදවත කුඩුපට්ටම් කරල දාල යන්න එපා බන්.." ............🍃............ "කැප්ටන් ස්නේහ වික්රමනායක....?" "මට කියපන් දේශ් උඹ ම...