තිස් පස්වෙනි පරිච්ඡේදය

228 22 8
                                    

"එහෙම ඕන්නෑනෙ.. මහ ඕන්නෑ අයියෙ ඔයා. අත කපල දානව මම"

හිතුව වගේම මගෙ ගම්මිරිස් ඇටේ මටත් ගස්සන් යන්න ගියා. උදේ යාලු කරගත්ත විතරයි...

අපි හිටියෙ ඉස්කෝල ඉවර වෙලා ඩියුටි වලට එලියට ඇවිත්. මං ගේට් එක ගාවට එයාව දාගත්තත් ඕන්නෑ කියල මටත් බැනගෙන ගස්සලා යන්න ගියෙ ශෙනෝල් මට කැත හිනාවක් දානකොට.

"උඹල දෙන්නට මෙතන බලතෑකි නේ?"

"ම්ම් බලන්නම්."

ශෙනෝල් හිනා වෙවීම කියද්දි මං බෑග් එක එල්ලන් එන්න ආවා. එයාට ෆුට්බෝල් ප්‍රැක්ටිස් උනත් මට අද ඉන්න බෑනෙ. එක අතකට ඉන්නත් හිතෙනව...

කල්පනා කර කර ආව මං අන්තිමේ දේශ් ඩියුටි ගියපු ක්ලාස් එක ගාව නවතිද්දි එයා ඉන්නව ජනේලෙකින් එළිය බලන්.. කොහෙද බලන් ඉන්නෙ කියල බලන්න ඔළුව දාපු මං දැක්කෙ එයා බලන් ඉන්නෙ මෙතෙන්ට පේන පොකුණ දිහා.. මේ ළමයා එතනට හරි කැමතී වගෙ.. මුව අග හිනාවක් ඇඳෙද්දි කවුරුත් නැති කොරිඩෝ එකේ මං හිමින් දේශ්ගෙ ඉන වටේ අත් යවල ජනේලෙ යකඩ ග්‍රිල් එක අල්ලන් එයාට හේත්තු උනා.. හොඳ වෙලාවට ළමයි සේරම ගාතා කියන්න ලෑස්ති වෙලා ඇතුළෙ ඉන්නෙ.. එකපාරට ලැබුන ස්පර්ශයෙන් දේශ් ගැස්සිල ගියත් ආපහු එයා හිටපු විදිහටම හිටියෙ තාම තරහා පෙන්නන්න වගේ.

"මගෙ චූටි මැනික තරහද ම්?"

"අපෝ නෑ. ගිහින් අනීශ්ගෙ මූණම මිරිකපන් අයියෙ. මූණ විතරක් නෙමේ ඕන එකක් මිරිකගන්නව. මට නං වැඩක්නෑ"

මං එයාව මගෙ පැත්තට හරවගද්දි දේශ් නියපොතු වලින් මාව හූරන්න ගත්ත.

"අම්මේ සැර මෙයාගෙ. ඇතිනෙ දැන් චූටි මැනික නැතුව සුදු අයියට ඉන්න බෑනෙ?"

"බෑ මට මදිනෙ?"

"මුරණ්ඩු වෙන්න එපා වස්තුව කෝ දැන් ඇති ? මං අරන් දෙන්නම් යන ගමන් සබ්මැරින් එකක්. චූටි මැනික ආසයිනෙ කන්න නේද?"

"සිරාවටම අරන් දෙනවද?"

අන්තිම මොහොතෙ එයා සටන පාවල දුන්නෙ මගෙ පැත්තට මූණ හරවන ගමන්. සාර්තකයි!

"ම්න්. දෙන්නම්"

"එහෙනං යාලුයි ආතරෙයි. දැන් එහාට වෙන්නකො ළමයි ආවොත් ඉවරයි"

White lotusWhere stories live. Discover now