ශර්ට් එකේ අන්තිම බට්න් එකත් ගලෝපු එයා ශර්ට් එක සම්පූර්ණෙන්ම ඇඟෙන් අයින් කරද්දි මං ඒකත් අරන් අනික් පැත්ත හැරිල සින්ක් එක ගාවට ගියා. මං මගෙ ශර්ට් එකේ අත් දෙකත් නවාගෙන මූණ හෝදගන්න තියන සබන් කෑල්ලත් අතට ගත්තා.
මේකෙ සුවඳ..
මඩ අස්සෙන් ලාවට එන 'එයාගෙ' සුවඳට ඉව කරන ගමන් මම ශර්ට් එකම හෝදන්න ගත්තා..
"අනිකත් ගේනවා"
"අ-අනික ක්-කිව්වෙ?"
"යට බැනියම මනුස්සයො"
"කමක් නැද්ද?"
"ඔන්න ඕක මෙහෙ දීපන් දේශ්.."
මට ආවේස වෙන තැන මං ගෑගැහුව වගේම එයාගෙ සම්පූර්න උඩුකයම නිරුවත් වෙද්දි එයාගෙ හැම ඇඳුමක්ම මං හේදුවා.. වතුර පාරට ඊයෙ පැලුන ඒව වේදනයි උනත් අහේතුකවම මං මේ නොසණ්ඩාලයා වෙනුවෙන් ඕන දෙයක් කරන්න පුලුවන් කියන තැන හිටියා..
"මේ දෙක වේලෙන්න දාන්නම්. ආයම ජරා කරන් තිබ්බොත් බලාගමු"
වැඩිය කතා නොකරපු මං දේශ්ට බැනලා ප්‍රිෆෙක්ට් රූම් එක ලොක් කරා.. මොකෙක් හරි ආවොත් එහෙම මේකා ඇඳුන් නැතුව ඉන්නව දැකල කලන්තෙ හැඳෙයි..
"ඇ-ඇයි අයියෙ ල්-ලොක් කරන්නෙ?"
"මාව වලත්තයෙක් වගේ පේනවද දේශ් ම්ම්."
මං ඒකා දිහාවට අඩි තියද්දි දේශ් පස්සෙන් පස්සට අඩි තිබ්බා..
"න්-නෑ..."
"ම්ම්..."
තව ටිකක් එහෙම්ම ඉස්සරහට ගියපු මම එයාව එතන මේසෙකට හේත්තු වෙනවත් එක්කම අත දාලා එයාට පිටිපස්සෙ තිබ්බ මගෙ extra bag එක ගත්ත. මේක මං ගෙනාවෙ සැරසිලි වලට අඳින්න. අවශ්‍යම හින්දා දැන් ගන්න වෙනව..
"මේක ඇඳගන ඔය කලිසමත් මට දෙන්න. බලනව හැටි ඒකෙ. පොකුණට පැන්නද ආ?"
"කලිසම?"
"ඔව් ඇයි වෙනසක් තියනවද? අපි දෙන්නම කොල්ලො දෙන්නෙක් මං ඔය දේවල් නොදැකපු දේවල් නෙමෙයිනෙ මල්ලි. අනික ලැජ්ජ වෙන්න දෙයක් නෑ මං උදව් කරා මෙතනින් ගියා. මං කරදර කරන්නෙවත් ඔයාගෙ පස්සෙන් එන්නෙවත් නෑනෙ!"
YOU ARE READING
White lotus
Fanfiction"දෙයියන්ගෙ නාමෙන් මට පාඩුවෙ ඉන්න දීපන් අයියෙ..මේ හැමදේම විහිළුවක් කියල අමතක කරපන්..." "මෙහෙම කරන්න එපා චූටි මැනික.. උඹම පණ දුන්න හදවත කුඩුපට්ටම් කරල දාල යන්න එපා බන්.." ............🍃............ "කැප්ටන් ස්නේහ වික්‍රමනායක....?" "මට කියපන් දේශ් උඹ ම...