"අම්මයි අප්පච්චී එන්නෙ නෑ කිව්ව වස්තුව.."
අක්ක කියද්දි මං ඇඳේ ඉඳගත්තා.. ඇත්තටම කවද්ද ඒ දෙන්නා අපෙ දේකට ආවෙ.. නීති තද උනාට අපෙ ගෙදර හැම දේටම නීති දාල නෑ.. අක්කා යන එන තැන් හෙව්වට සාමාන්‍යෙන් මට ප්‍රශ්නයක් නෑ.. ඒ උනත් යාලුවො ආශ්‍රේ කරද්දි තාත්ත එයාලගෙ නමේ ඉඳල තත්ත්වෙ වෙනකල්ම බැලුවා. ඒ වගේම මට කෙල්ලො ආශ්‍රය තහනම් උනා. අක්ක කොල්ලො ආශ්‍රය තහනම් උනා. වැදගත්ම දේ තමා අක්කට කැමති දෙයක් ඉගනගන්න නිදහස හම්බුනා.. හැබැයි මට? මං යන්න ඕන තැන තීරනේ කළේ අප්පච්චි.. ඉතින් මං මහන්සි වෙලා ඉගනගන්නවා උනත් වැඩක් තියේද? ස්පෝර්ට් කරා නම් කලේ අප්පච්චිගෙ ඌමනාවට.. දැන් ආයෙත් කරන්න වෙලා.. ඔහේ ගලාගෙන යන ජීවිතයක් තිබ්බ මට දැන් ටිකෙන් ටික මහ අමූතු හැඟීමක් දැනෙනවා.. සැහැල්ලු හිතට සනීප හැඟීමක්..
"කමක්නෑ අක්කෙ මට තනියම බැජ් එක ගහගත්තෑකි.."
"තනියම?"
"ඔව් ඉතින් අ-"
"මං එන්නම් ස්නේහ... මං නෑවිත් කොහොමද දරුවො"
අක්ක කියද්දි මං දාන ගමන් ඉඳපු සපත්තුව කකුලට දාන් අක්කා දිහා බැලුවා..
"ඇත්තමද?"
මගෙ ඇස් දිළිසෙන්න ඇති.. මං කැමතියි අක්ක හරි එනවට කාත් කවුරුත් නැති එකෙක් වගේ ගිහින් එනවට වඩා අක්ක එනව කිව්වම මට ඇත්තටම සතුටු හිතුන. අප්පච්චිගෙන් ගුටිකාපු පාරවල් අක්කා ඇඳන් ඉඳපු ස්කිනර් එකෙන් පේද්දි අක්කා ඇඳුමක් ඇඳන් එන්නම් කාලා ලෑස්ති වෙලා ඉන්න කියල ගියා.
මං කණ්ණාඩිය ඉස්සරහට ගිහින් මගෙම රූපෙ දිහ බැලුව. මූණෙ ඉදිමුම මැකිලා තිබ්බත් අතපය වල ලාවට තියනව. අර ඇට්ටරයා ඇඬුවත් එක්ක. දේශ් මතක් වෙද්දි මට ලාවට හිනාවක් ආවත් මං හිනාව නවත්තන් වොච් එකක් බැඳගත්තා..
🍃
"අනේ හුත්තො.. මං උඹට කිව්ව දැන්ම ඉස්කෝලෙට එන්න බෑ කියල..."
බලපිය මූට මං වෙනුවෙන් කාලෙ වැය කරල කට්ටක් කන්න බැරිහැටි. මං කෙවින් දිහා බැලුව..
"ඈ පකෝ උඹෙ හැම ලබ්බටම මං උඹ් පස්සෙ එනව නේද?"
"හරි හරි ඕයි ඕකට තරහ ගන්නෙ මොකටද. උදේ එළිවෙච්ච වෙලේ ඉඳන් ඉස්කෝලෙ හින්ද මං කිව්වෙ. පිස්සුද ඕයි උඹ වෙනුවෙන් පණත් දෙනව හරී.."
YOU ARE READING
White lotus
Fanfiction"දෙයියන්ගෙ නාමෙන් මට පාඩුවෙ ඉන්න දීපන් අයියෙ..මේ හැමදේම විහිළුවක් කියල අමතක කරපන්..." "මෙහෙම කරන්න එපා චූටි මැනික.. උඹම පණ දුන්න හදවත කුඩුපට්ටම් කරල දාල යන්න එපා බන්.." ............🍃............ "කැප්ටන් ස්නේහ වික්රමනායක....?" "මට කියපන් දේශ් උඹ ම...