"කව්ද යකෝ කටවල් කෑවෙ. හුහ්. ඊරිසියාව උබට නසරානියා.."
දේශ් කෙවින්ට ඇඟිල්ලකින් අයිද්දි මන් කොල්ලව ඉස්සරහා හැරෙව්වා. නැත්තන් මෙතන අපිට තුන්වෙනී ලෝක යුද්ධේ බේරන්න වෙනවා. අනික මේ වගේ තැන් වල ඉන්න චාටර්ම අයට හයියෙන් කතා කරනව ඇහුනත් ඇති... රණ්ඩුවකට මුල පුරන්න.
ඊගාවට ස්ටේජ් එකේ යන්න ගත්ත සිංදුවට දේශ් මගෙ දිහා හැරුණෙ මං ඇස් දෙකත් ලොකු කරන් එයා දිහා බලද්දි... සින්දුව නම්....
Desh pov...
රොමේශ් ස්ටේජ් එකට ආවා.. මන්දාරමේ සිංදුවේ මියුසික් එක සද්දෙටම ප්ලේ වෙන්න ගත්තෙ බෆල්ස් වල සද්දෙ වැඩිකමට මගෙ පපුවත් එක්ක දෙදරුම් කද්දි. මං දන්නව. ස්නේහ අයියා එන්න ආසාවක් නැති උනත් මට වෙලාවක් දෙන්න ඕන හින්දා එන්න ඇත්තෙ.
"අයිය දන්නවත මන් ආසම වලත්ත විසුවල් එක තියෙන සිංදුව මොකක්ද කියලා?"
අයියගෙ ඇස් ලොකු වෙලා කන් දෙක රතු වේගෙන ආවා.. ඒ චබී කම්මුල් පුපුරන්න වගේ පිම්බෙද්දි මං හිනාව පාලනේ කරගන්න යටි තොල මගෙ දත් අස්සට අරන් හිර කරගත්තා.. මං ආසම මේකට අප්පා.
ඔය ලැජ්ජාවයි වෙලාවකට යන තරහයි පෙන්නලා නේ එයා මාව අල්ලගත්තේ... ලයිට් එළියෙන්ම මටත් අයියගෙ කන් දෙකේ ඉදන් රතු වෙනව පෙනුනා..
"ලැජ්ජ නැත්ද චූටි මැනික?"
"ඇයි?"
තව ටිකක් අයියව අව්ස්සන්නම මම එහෙම ඇහුව වෙද්දි අයිය මගෙ ඇස් මගෑරලා ස්ටේජ් එක පැත්තට ඇස් ගෙනිච්චා.. ස්ටේජ් එකටමත් නෙමෙයි. එයා අපේ අවට මිනිස්සු දිහාට ඇස් කැරකුවා.
මමත් අයියගේ බඩ ඇඟිලි දෙකකින් ලාවට තද කරල ඉස්සරහ හැරුණෙ එයාගෙ අත් දෙක මගෙ බඳ වටේ දාගන්න ගමන්..
අපි පරිස්සම් වෙන්න ඕන. සාමාන්‍ය කෙල්ලො කොල්ලොන්ට වඩා කොල්ලොම දෙන්නෙක් මෙහෙම ඉද්දි මිනිස්සුන්ගේ ඇස් වලට අහු උනොත් ඉවරෙටම ඉවරයි කියල අපි දැනන් හිටියා. ඒ උනාට ඉතින් මෙතන මිනිස්සු නැති වෙද්දි අපිට ඈතින් ඉදපු මිනිස්සුන්ටත් කරන්න වැඩ තිබ්බා. ඒක හිතට සහනයක් උනා.
YOU ARE READING
White lotus
Fanfiction"දෙයියන්ගෙ නාමෙන් මට පාඩුවෙ ඉන්න දීපන් අයියෙ..මේ හැමදේම විහිළුවක් කියල අමතක කරපන්..." "මෙහෙම කරන්න එපා චූටි මැනික.. උඹම පණ දුන්න හදවත කුඩුපට්ටම් කරල දාල යන්න එපා බන්.." ............🍃............ "කැප්ටන් ස්නේහ වික්‍රමනායක....?" "මට කියපන් දේශ් උඹ ම...