මං හිටියෙ ජනේලෙන් එළිය බලාගෙන.. හැමදාම වගේ පොකුණෙ මල්.. සුදු නෙළුම් මල්.. උදේ පාන්දර දැක්කම හිතට මොකද්දෝ හැඟීමක් දැනෙනව.. ඒක කියන්න තේරෙන හැඟීමක් නෙමේ.. දේශ් මං ගාව හිටියා නම් කියලද මට හිතෙන්නෙ? අනේ මංදා... නැතුව ඇති සමහරවිට .. නැතුව ඇති නෙමෙයි ස්නේහ පිළිගනින් උඹට ඕන දේශ්ව තමයි.. මගෙ හිතේ එකපැත්තක් කෑගැහුවා..තාම හයහමාරයි... හයේ ඉඳන් බස් හෝල්ට් එකේ බලලත් නැති තැන මමයි කෙවිනුයි ඉස්කෝලෙට ආවා. එන්නෙ නැතෑ කීයටහරි. මං නම් ගේට් එකෙන් ඇතුළට ගන්නෑ පරක්කු වෙලා ආවොත්..
හිතේ ඇතිවෙච්ච නොරිස්සුම ඉවසන් මන් ආයමත් පොතට අවධානෙ දුන්නා. මග ඇරුනු නෝට්ස්.. දවස් කීපෙට අත කැඩෙන්නම මගෑරුන නෝට්ස් ලියන්න තියනවා..
ඉස්කෝලෙ පටන් ගන්න කලින් උදේම දාන සින්දුටිකත් යනවා. පුදුම කං කරච්චලයක් තමයි. එක්කො සද්දෙ අඩුවෙන් දාන්න ඕන. එහෙම නෑ අර ගමටම ඇහෙන්න ගමේ සින්දු දාන එකා වගේ සද්දෙටම සිංදු දාගන. දෙපැත්තෙ තියන බාලිකා දෙකටත් ඇහෙනව ඇති ශුවර් එකටම..
ඉර එළිය මූණට වැටෙද්දි මං ඇස් දෙකත් පියාගෙන මගෙ මූණ ඉර එළියට ඇල්ලුවා... ආදරෙයි කියලා ලොකු කාලයක් නැති උනත් මට මේ දැනෙන ආදරේට මං ආස කරා... උදේ ඉර එළියට මගෙ මූණ හිමින් රත් වෙද්දි මට දැනුනෙ මගෙ මූණ උඩ අත් දෙකක් තියනවා..
ඒ සුවඳ... දේශ්..
"පිස්සුද සුදු අයියෙ ඔහොම ඉර එළියට මූණ අල්ලන් ඉන්නෙ? මූණ රත් වෙලා ගිහින්. පිස්සුද මන්දා මේ මනුස්සයාට.."
මට බැන බැනම මගෙ මූණ ඉස්සරහින් හිටගද්දි මං දේශ්ගෙ මූණ දිහා බලන් හිටියා..
"ඇයි පරක්කු උනේ? මම බලන් හිටියා.."
"කෙවින් පරක්කු උනා සුදු මහත්තයා.."
"ම්ම්.."
විනාඩි කීපයක් ගත උනා.. අපි දෙන්නගෙ කතාව නැවතිලා තියෙද්දි දේශ් මේසෙ උඩ ඉඳගෙන මගෙ ඇස් වලට එබුනා.. කතා කරන ඇස්.. ඉර එලිය වැටිලා ඒ ඇස් කෝපි පාට වෙලා. මං දිහා බලන් මොන මොනාද කියපු එයාගෙත්.. එයා දිහා බලන් දැහැනකට සමවැදිලා ඉඳපු මගෙත් කල්පනාව ඉක්මනට යතා තත්වෙට ආවේ කෙවිනුයි ශෙනෝලුයි කෑගහන් පන්තිය ඇතුළට එද්දි...
YOU ARE READING
White lotus
Fanfiction"දෙයියන්ගෙ නාමෙන් මට පාඩුවෙ ඉන්න දීපන් අයියෙ..මේ හැමදේම විහිළුවක් කියල අමතක කරපන්..." "මෙහෙම කරන්න එපා චූටි මැනික.. උඹම පණ දුන්න හදවත කුඩුපට්ටම් කරල දාල යන්න එපා බන්.." ............🍃............ "කැප්ටන් ස්නේහ වික්රමනායක....?" "මට කියපන් දේශ් උඹ ම...