පුරුදු විදියටම ක්ලාස් එකට ආව මම මේසෙ ඔළුව තියාගෙන හිටියෙ ක්ලාස් එකට මිස් එනකන්. අන්තිමේ ක්ලාස් ටීච ක්ලාස් එකට එද්දි අපි නැගිටල ආයුබෝවන් කියල වාඩි උනේ ශෙනෝල් මගෙ උරිස්සත් මිරිකන් ඉඳගද්දි..
"අඩෝ එහෙම එකක් වෙලා නෑ විශ්මිකයා. ඒකිලු පස්සෙන් එන්නෙ.."
"මචන් පස්සෙන් එනව කියමු.. ඒක හරි උඹ දැක්කෙ නෑනෙ උන් දෙන්න ඉඳපු විදිහ. කෙවින්ගෙන් අහපන්. කෙවින් දැක්ක උගෙන් අහපන් අරුන් ඉඳපු විදිහ. ඒව දැක දැකත් ඒ කෙල්ල විතරයි පස්සෙන් එන්නෙ කියන එක විශ්වාස කරන්න තරම් මම අන්ධයෙක් නෙමේ මචන්."
මං කියද්දි මොකුත් නොකියපු ශෙනෝල් ඉස්සරහ බලාගද්දි මමත් පොතට ඇස් ගෙනිච්චා. අද ඉඳන් දේශ්ට පුළුවන් එයාගෙ පාරෙ යන්න මට පුළුවන් මගෙ පාරෙ යන්න.. කොහොමත් තනියෙන් ඉඳපු මට ආය ඒ ජීවිතේට හුරුවෙන එක අමාරු නැතිවෙයි කියල මං හිතනව..
"විශ්මික... පුතා..."
මිස් කතා කරන සද්දෙට මම ඒ දිහා බැලුවෙ කල්පනාවෙන් මිදිලා..
"මොන සිහියෙද ඉන්නෙ දරුවො ඇවිත් මේ විචාරෙ පොඩ්ඩක් කියවන්න.."
"ආහ් ස්-සොරි මිස්.."
"මම ප්‍රින්සිපල් ඔෆිස් එකට ගිහින් එන්නම්.."
"හරි මිස්.."
මට මිස්ගෙ විචාර ලියපු ලොකු පොතත් දුන්න මිස් සාරිය කරේ දාන් ක්ලාස් එකෙන් එළියට ගියා. ඒ යනවත් එක්කම ක්ලාස් එකේ උන් කියවන්න ගනිද්දි මං කෑගැහුව..
"නවත්තගන්න කියවිල්ල."
හේතුවක් නැතුවම වෙනදට වඩා මම aggressive වෙන්න අරන් තිබ්බා. ශිට් පාඩුවෙ ඉඳපු මට ලව් කරමු කියන් දේශ් මොකට ආවද කියල හිතෙද්දි මම මුලින්ම විචාර ප්‍රශ්නෙ කිව්වෙ ලමයින්ට ලියාගන්න...
"හරිද?"
ළමයි ඔළුව වනද්දි මම පොතේ පහල රූළට ඇස් ගෙනිච්චා..
"පේමතෝ ජායති සෝකෝ’ යනු අසාමාන්‍ය නාට්‍යයකි."
පළවෙනිම වාක්‍ය කියවපු මම කියවන ගමන්ම මගේ පොතෙත් ලියාගත්තා..
"හරි.. ඊළඟ වාක්‍ය... එය ලියැවී ඇති බස් වහරත් එය රංගගත කිරීමේදී භාවිත වූ සංගීතමය නිර්මාණයත් කමාවක්"
YOU ARE READING
White lotus
Fiksi Penggemar"දෙයියන්ගෙ නාමෙන් මට පාඩුවෙ ඉන්න දීපන් අයියෙ..මේ හැමදේම විහිළුවක් කියල අමතක කරපන්..." "මෙහෙම කරන්න එපා චූටි මැනික.. උඹම පණ දුන්න හදවත කුඩුපට්ටම් කරල දාල යන්න එපා බන්.." ............🍃............ "කැප්ටන් ස්නේහ වික්රමනායක....?" "මට කියපන් දේශ් උඹ ම...