තිස් නමවෙනි පරිච්ඡේදය

260 22 40
                                    

"දැන් දවස් තුනක්ම තෝයි මායි ගේට්ටු උඩ බඩ ගාලා බල්ලොන්ට කියලා කවාගන්න ගියානෙ. ඒ හින්දා අදවත් ඉමු බං. අනික අයියා අද හවස ක්ලාස් එකට එනව කියල මැසේජ් එකක් තියල තිබ්බනේ. ඊළඟ දවසෙ ඉඳන් ඉස්කෝලෙ එයි"

කෙවින් කියන කතාව ඇත්ත එදා ගිය දවසත් එක්ක දවස් තුනක් අපි දැන් ගේට්ටු දිගේ අයිය බලන්න යනවා. ආයෙ තාප්පෙන් පනින්නෑ කියල පොරොන්දු උන මම ඉනිමග තියලා ගේට්ටු උඩින් පයින්න පුරුදු උනා. පොරොන්දු නම් පොරොන්දු. අපි එලකිරි කොල්ලො.

"හ්ම්. යමන් එහෙනම්. හැබැයි පිනා තමා කෝල් කරලා තියෙන්නෙ අයියගෙ අප්පච්චිට. හෙඩ් ප්‍රිෆෙක්ට් ඉස්කෝලෙ නෑවිත් බෑනෙ ලෙඩ තිබ්බට කමක් නෑ එවන්න කියලා."

"සිරාවට ඇති මේ පාරවත් අපි කියපු එකක් පිළිගත්ත..!"

කට පියන්ම ඉස්කෝලෙන් එළියට ආව මන් හිටියෙ සතුටෙන්. අද හවස අයියා ක්ලාස් එනව කියලා මට මැසේජ් කරලා තිබ්බා. මට ඉතින් ඊට වඩා දෙයක් ඕන්නෑ. මං ඒ මනුස්සයට හරි ආදරෙයි..

ගෙදෙට්ට ආව මම වොශ් එකක් දාන් වෙනදටත් කලින් ක්ලාස් යන්න් ලෑස්ති උනේ අද වේලස්සන ක්ලාස් ඉවර වෙන්න කියලා ප්‍රාර්තනා කරන ගමන්... වැඩක් නෑ බයෝ සර් හැමදාම ක්ලාස් එක වැඩිපුර වෙලා අදිනවා. අම්මපා දෙන වෙලාවට ක්ලාස් කරන්න බෑනෙ මේ මිනියට. අපි ගෙවන්නෙ පැය දෙකට නම් පැය දෙකෙන් ඉවර කරන්න තිබ්බනේ..

මට අයියා බලන්නත් නෑ....

මං ක්ලාස් එක ගාවට කෙවිනා එක්ක යද්දි මගෙ ඇස් නැවතුනේ පුරුදු රූපයක් ගාව.. ඒ මූණෙ මාව දැකල ලස්සන හිනාවක් ඇඳෙද්දි මං අතක් ඉස්සුවා..

 ඒ මූණෙ මාව දැකල ලස්සන හිනාවක් ඇඳෙද්දි මං අතක් ඉස්සුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
White lotusWhere stories live. Discover now