තිස් තුන්වෙනි පරිච්ඡේදය

183 23 8
                                    

Shenol💗: adw me mkdd me

Kevin♥️: adde denna sindu kiynnd gye pare

"හරි වැඩේනෙ සුදු මහත්තය මං හිතුවෙ නෑ ඔහොම මගුලක් වෙයි කියල."

"දැන් වැඩක් නෑනෙ. ඕක හිතන්න එපා අනික සින්දු කිව්ව විතරනෙ?"

"ඒ උනාට බලන්ඩකො ඕකෙ සමහර කෙල්ලො අපි දෙන්නව නැව්ගත කරල තියෙන ලස්සන"

"ලස්සනයි නම් තමයි."

අපි හිටියෙ බස් එකෙන් බහින්න කිට්ටුව. දේශ්ගෙ අයියා කොහෙද යන ගමන් බස් එකෙන් බහින තැනට එන්නම් කිව්ව. දැන් නම් හඩු ගඳත් වගේ මං ගාව. පැය දොළහකටත් වැඩීනෙ ඇඳුම. හවස සිංදු කිව්ව එක ෆේස්බුක් එකේ අප්ලෝඩ් කරල කවුරු හරි. අපි බලන් හිටියෙ ඒක දිහා..

දැන් ඕක අප්පච්චි දැක්කොත්.... නෑ එතනින් එහාට හිතන්න ඕන්නෑ. ඒ වීඩියෝ එකේ උනත් දේශ්ගෙයි මගෙයි ඇස් බැඳිල තියන විදියෙන් ඕන එක්කෙනෙක්ට ඌමනාවෙන් බැලුවොත් මොකක් හරි තියනවයි කියල තේරෙනව. ඒ උනාට ඉතින් කවුරු බලන්නද.. අප්පච්චි , අම්මා දකිනකල් ප්‍රශ්නයක් නෑනෙ.

මට එච්චර යාලුවො නොහිටපු හින්දා මට නම් ප්‍රශ්නයක් උනේ නෑ. හැබැයි දේශ් ගෙ නම් ෆෝන් එක නොටිෆි වලින් පිරිල ගිහින් තිබ්බා

****tagged you in a post
####mentioned you in a comment
*****sent you a message

You have new unread messages

🍃

"ආහ් ඉලන්දාරි දෙන්නා.. සින්දුවක් කියල සමාජ මාධ්‍ය ජාලය කලඹලා නේද?"

දේශ්ගෙ අයිය අපෙන් අහද්දි මං හිනා උනා..

"ඇයි උඹට ඊරිසියද?"

"අනෙහ් වැඩේමයි ඇටෙන් පොත්තෙන් එන්න කලින් උඹ කපල් වෙලා මෙතන මගෙන් අහන්නෙ. ඕක බඳින්න වෙන්නෑ"

"එව්ව හඳේ නේද සුදු අයියෙ"

"ම්න්.."

"උඹ මූව බඳින්නෑ නෙද මල්ලි"

"ම්න්"

"බඳිනව නේද අයියෙ"

"ම්න්.."

"බඳින්න වෙන්නෑ කියපන් මල්ලි"

"ම්න්."

"අනේ හු#ත සුදු අයියෙ උඹෙ ඔය ම්න් ගෑවිල්ල නවත්තපන්කො"

White lotusWhere stories live. Discover now