දහවෙනි පරිච්ඡේදය

307 34 6
                                    

ටිකකින් අර වැඩ මේ වැඩ ගගා හිටපු උන්ගෙන් බාගයක් යන්න යද්දි අපි එක්කම තව දහයක් විතර නැවතුනා.. හයට කිට්ටු වෙන්න ඇති වෙලාව. අක්ක ගෙදර එන්න ඇති.. පොඩි නසරානියා එලියට ගියා ගියාමයි තව නැතිවෙද්දි මං කෙවින්ට කතා කරල ගිහින් බලන්න කිව්ව වගේම ශෙනෝල් මං ගාවට ඇවිත් ඉඳගත්තා..

"පණ නෑ බන්.."

"ඒක තමයි."

"ගෙදරින් කෝල් කරේ නැද්ද?"

"නෑ.. අක්ක නම් ගත්තා."

"අක්ක උඹට ආදරෙයි"

ශෙනෝල් කියල හිනාවෙද්දි මාත් හිනා උනා. ඇත්ත තමයි අක්ක මට පණ ඇරලම ආදරෙයි... හැබැයි කරුමෙට ඒකි මං වෙනුවෙන් ඉද්දි මං ඒකි වෙනුවෙන් නොයිද යද්දි ඒකිට රිදෙන්න ඇති... මං මුකුත් නොකියම හිනා උනා..

"කෝ බන් අර පොඩි යක්කු දෙන්න?"

"දන්නෑ. බලමු තව ටිකකින් කන්න යමන් බඩගිනි බන්.."

"ම්ම්.."

මං අහද්දි දන්නෑ ගාපු ශෙනෝන්ට කන්න ඕන වෙද්දි මං හූමිටි තිබ්බා.. ගෙදරවත් ගිහින්ද? තුවාලෙට බෙහෙත් දලා ආව ආවමයි වැඩ ඉක්මන් කරගන්න ඌමනාවට හුස්මක් කටන් නොගෙනම හෝල් එකේ ඩෙකරේශන් ඉවර කරල දැම්ම. අනේ මංද. අපි බැජ් දෙනවයි කියන දවසේ ඉඳලම බැජ් එක ගලවල දෙනකන්ම පුදූම කට්ටක් කන්නෙ. ගියපාර අයියා කෙනෙක් බැජ් එක ගළෝල විසි කරල තිබ්බ ප්‍රින්සිපල්ගෙ මූණට.. කල්පනා කර කර ඉඳපු මාව ගැස්සිලා ගියෙ ටකරමකට ගල් ගහනව වගේ ඇහුන සද්දෙට වෙද්දි මායි ශෙනෝලුයි මූණට මූණ බලාගත්ත

"ආඩම්බරයී.......බැලුවමනම් හොරැහින් බලන්නෙ ඇයි එහෙනං........කම්මුල් සිඹින්න මගෙ හොඳ නං...........ආලෙන් වෙලෙන්න ඇයි තහනං..........."

අර පොඩි ඇටයො දෙන්න කෑගහගහ සින්දු කියනව. කරන්න කියල මහ වැඩකුත් නෑ අතුගාලා දාන්න නෙ තියෙන්නෙ. ඕක උන්ට කියනවට වඩා හොඳයි මමයි ශෙනෝලුයි කරනව. නැත්තන් හෙට සෙරමනි එකේදි ආරාධිත අමුත්තො ඉඳන් ඉන්න පුටුවල යට තිබිලා මල් කපප අකුරු කපපු කොළ කෑලී සෘජිෆෝම් කෑලී හම්බෙලා තියෙයි.

"කොල්ලො ටිකගෙන් අහන්න ගේවල් වලට යනවද කියල. අපි අස් කරල දාමු. අතුගාන්න විතරනෙ තියෙන්නෙ."

White lotusWhere stories live. Discover now