"මං දන්නෑ අනේ. පොඩ්ඩක් ගිහින් බලන්න ශෙනෝල් මම මේක ලියල එන්නම්. බලෙන්ම මේවට දම්මලා පොතක පතක දෙයක් කරන්න නෑ ක්ලාස් එකක ඉන්න නෑ. එපා වෙනවා. නොයා ඉන්න තිබ්බෙ"
මං හිටියෙ ප්‍රිෆෙක්ට් රූම් එකේ. මුළු පැත්තම වට කරන් වැස්ස වගේ කළු කරල තියෙද්දි මේන් හෝල් එකේ ලොකුවට රැස්වීමක් ලෑස්ති කරල තිබ්බා.
සේරම වැඩ කරපු මම ඇවිත් පොත දිගෑර ගද්දිම පොඩි කොල්ලෙක් ඇවිත් ආයම එන්න කිව්වා කියද්දි මට ටිකක් තරහ ගියා...
"හරි හරි මං බලන්නම්. උඹ ඕක ලියහන්කො"
ශෙනෝල් යන්න යද්දි මම ආය පොතට ඇස් දෙක දාගත්තෙ අවට වෙන මොකුත්ම පොත් බලන් ඉද්දි මගෙ ඔළුවට නොයද්දි..
Desh pov...
"මං පයිනව ඈ. උඹ බලාගනින්.."
මට අයියා මෙතෙන්ට ඇවිත් නෑ කියල දැක්ක ගමන්ම මෙතනිං යන්න ඕන උනා. ඉස්කෝලෙ පුළුවන් හැම වෙලේකම අයිය අස්සෙ රිංගන් ඉඳලා ඉඳලා එක විනාඩි පහකට එයා නැති වෙද්දි ඔල් මොරොන්දං වගේ..
වැස්සෙම මම එළියට බැස්සා.. ටමහිකේ පැන්න නම් ලිස්සලාම වැටෙනවා හරි හු#තක් තමා වෙන්නෙ එහෙනම්. ඒ උනාට එතකොට මට පුළුවන් අයියට කියල එදා වගේ ඇඳුම් හෝදගන්න.
වැඩ ගන්න ඌමනාව නෙමේ. ඒ උනාට එයාගෙ සුවඳ එනව එතකොට ඇඳුම් වලින්. ඒක නම් මැජික් එකක්...
මොර ගෙඩි ඇඟේ වදිනව වගේ සැරට වතුර ඇඟට වැටෙද්දි ඔළුවට උඩින් අතේ තිබ්බ ක්ලියර් ෆයිල් එක උස්ස ගත්ත මම මහ වැස්සෙම බිල්ඩින් සේරම පහු කරන් ප්‍රිෆෙක්ට් රූම් එකට දිව්වා. හෙන ගහනව හිටු කියල. අනේ ඔය හෙනයක් මම හෙන ඉල්ලපු එකෙක්ට ගහන්නෑනේ.
ඉස්කෝලෙ සේරම එතන හින්ද ඉතින් මාත් හොඳට මගුල් කනව කියල හිතන් ප්‍රිෆෙක්ට් රූම් එක පේන මානෙට ආවා.
දැන් තමා හිතත් ගැස්සෙන්නෙ. තෙමීගෙන ආව එකේ යනව කොහොම හරි.. අනික ඉතින් මොකෝ බයවෙන්න අයිය මාව ගිලිනවද? අපි තනියෙං ඉඳල නෑනෙ? විකාර විකාර.. රෑට රෑට අසබ්‍ය දර්ශන බලල මොලේ විකාර වෙලා තියෙන්නෙ ඒකයි වෙන හේතුවක් නෙමේ
YOU ARE READING
White lotus
Fanfiction"දෙයියන්ගෙ නාමෙන් මට පාඩුවෙ ඉන්න දීපන් අයියෙ..මේ හැමදේම විහිළුවක් කියල අමතක කරපන්..." "මෙහෙම කරන්න එපා චූටි මැනික.. උඹම පණ දුන්න හදවත කුඩුපට්ටම් කරල දාල යන්න එපා බන්.." ............🍃............ "කැප්ටන් ස්නේහ වික්රමනායක....?" "මට කියපන් දේශ් උඹ ම...