කතාව ඇදෙනව වැඩී නේද ? පොඩි ටයිම් ස්කිප් එකකට යමු දැන්... මේකෙ තව බාගයක්වත් දුර ඇවිත් නෑ දෙයියනෙ මේකට කලිම් පටන් ගත්ත කතාවකුත් ඉවරයි😓👉👈.
.
.
.
.
"දැන් මොකද්ද කියපන්කො උඹ කල්පනා කරන්නෙ ?"
"නෑ හරිද.. මං හිතුවෙ දැන් ස්නේහ අයියා ඉස්කෝලෙන් අව්ට් වෙනවනේ.."
"ඔව් ඉතින් ?"
"ඉතින් කියන්නෙ එතකොට ඉස්කෝලෙ එන්න හිතෙන්නෑනේ ඕයි!"
"පිස්සු පකයා. උඹ ඉස්කෝලෙ නෑවිත් බයෝ වලින් එක්සෑම් එක ලියන්නෙ කොහොමද ?"
"චහ්.. බයෝ කරන්න ගත්තෙ ඇපේටනේ බං.. සිරාම කතාව කිව්වොත් උඹ දන්නවනෙ මට ඕන ෆුට් බෝල් වලින් ගේමක් ගහන්න."
"හරි ඉතින් උඹ විභාගෙත් කරපන්කො මගුලද එන්නැතුව කරන්න යන්නෙ. අනික දෙකම කරන්න බැරි නෑනෙ උඹ ට්‍රයි කරපන්."
"බලමුකො.."
"ඉද්දකින් මදනයා ගැහුවම තොපිට ඉගනගන්ඩ බෑ. බලපන් ස්නේහ අයිය නම් තෝයි මායි වගේ නාස්ති වෙන්නෑ."
"ඒ එයානේ.. ම්-"
"දේශ් මල්ලි විශ්මිකයා උඹට කතා කරා"
කතා කර කර හිටපු බරසාර ටොපික් එකට තිත තිබ්බ මම දොර පැත්ත හැරුණා. ශෙනෝල් අයිය ඉන්නව දත් ඇන්ද එළියෙ දාන්..
"කොහාටද ?"
"පොකුණ ගාවට."
"හා එහෙනං කෙවිනා එක්ක ඉන්න පොඩ්ඩක්."
මං කියද්දි ඇහිබැම අකුළන් මං දිහා බැලුව ශෙනෝල් අයිය කතා කරා.
"ඇයි කෙවින්ට තනිකන් දෝසේ ගහලද?"
"තනිකන් දෝසෙ නෙමේ මූට වෙන එකක් ගහලා ඉන්නෙ. මං සුටුස් ගාලා එන්නං තව්සෙ ඉන්නොකෝ අයියෙ!"
"සුටුස් ගාලා නං එන්න වෙයිද දන්නෑ. ගිහින් එන්නකො මං ඉන්නම්."
ශෙනෝල් අයියගෙ උත්තරේ ලැබෙද්දි මං ඉක්මනට දිව්වෙ පඩිපෙළ බැහැන් පොකුණ ගාවට... ඉස්කෝලෙ ඇතුලෙ ලව් කරන්ඩ කැමති නෑනේ අපෙ ප්‍රධාන සිස්ස නායකයා ඉතිං..
YOU ARE READING
White lotus
Fanfiction"දෙයියන්ගෙ නාමෙන් මට පාඩුවෙ ඉන්න දීපන් අයියෙ..මේ හැමදේම විහිළුවක් කියල අමතක කරපන්..." "මෙහෙම කරන්න එපා චූටි මැනික.. උඹම පණ දුන්න හදවත කුඩුපට්ටම් කරල දාල යන්න එපා බන්.." ............🍃............ "කැප්ටන් ස්නේහ වික්රමනායක....?" "මට කියපන් දේශ් උඹ ම...