දවස් කීපයක්ම ගෙවිල ගියෙ ට්‍රිප් එක යන්න දවස් දෙකක් ඉතුරු වෙද්දි.. කොහොමත් අප්පච්චි පඩියෙන් ගානක් මටයි අක්කටයි වියදමට එන්න හදල තියෙන්නෙ. ඔව් ඉතින් රස්සාව බදාගත්තම කෝ එයාට අපිව බලන්න වෙලාවක්.. හැම එකටම සල්ලි විසිකරන අප්පච්චි හිතන් ඉන්නෙ අපිට හැම වගකීමක්ම එයා ඉශ්ට කරනවයි කියල. ඒත් කෝ ආදරේ? මේ දේවල් ගැන මට කතා කරන්න වචනත් මදි...
ට්‍රිප් එක යන්න දාගත්තෙ ට්‍රින්කො.. දවස් තුනයි.. ප්‍රිෆෙක්ට්ලා විතරනෙ. කෙල්ලො වෙනම කොල්ලො වෙනම.. පුරුදු විදියටම බස් හෝල්ට් එකට ශෙනෝල් එක්ක ඇවිදන් ආව මම දේශ්ලා එනකන් එතනින් ඉඳගත්තා. ටික වෙලාවක් යද්දි හිනාවෙවී එතෙන්ට ආව දේශුයි කෙවිනුයි දෙකට බෙදිලා යද්දි එයා ඇවිත් මගෙ ඉස්සරහින් හිටගත්තෙ මං එයාගෙ බඩට ඔළුව ගහගද්දි..
"සුදු මහත්තයා ප්‍රශ්නෙකද?"
"ම්හ්.."
"එහෙනං?"
"හිතට හරිනෑ චූටි මහත්තයා.."
"කෝ ඔළුව උස්සන්න මට බලන්න.."
දේශ් හිමීට ඇඟිලිතුඩු වලින් මගෙ මූණ උස්සද්දි මං ඇස් වහන්ම ඔළුව ඉස්සුවා.
"කොයි ඇස් අරින්නකො මහත්තයෝ..ඇයිමේ.."
"දේශ්..."
"ම්ම්.."
"අපෙ ඉස්කෝලෙ ඔයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියෙ නැද්ද?"
"ම්හ්" එයා අහක බලාගනිද්දි මන් නෑ කියන උත්තරේ හිතාගත්තා.නැත්තන් ඊගාවට මට ඕවට ඊරිසියයි. අනික මං කලින් ආදරෙ කරලත් නෑ. අර මෝඩ කෙල්ලෙක් දවස් කීපයක් මැසේජ් කරා එච්චරයි එච්චරම තමයි
"ඔයාට?"
"අපෝ නෑ"
"ඒක හොඳයි"
"ඇයි?"
"ඊරිසියයිනෙ අනේ"
ම්න්..
බස් එකට් නැගපු අපි ඉස්කෝලෙට එද්දි වෙනද වගේම හයහමාර විතර වෙලා තිබ්බ. බෑග්ස් තියල එන්න අපි ක්ලාස් වලට යද්දි මට මතක් උනේ දේශ්ට මං ගත්ත හයසියගානෙ චොක්ලට් එක බෑග් එකේ කියල..
"ඔහොම ඉන්න ශෙනෝල් මම දේශ්ගෙ ක්ලාස් එකට ගිහින් එන්නම්."
"ම්ම්.. මාත් එන්නද?"
YOU ARE READING
White lotus
Fanfiction"දෙයියන්ගෙ නාමෙන් මට පාඩුවෙ ඉන්න දීපන් අයියෙ..මේ හැමදේම විහිළුවක් කියල අමතක කරපන්..." "මෙහෙම කරන්න එපා චූටි මැනික.. උඹම පණ දුන්න හදවත කුඩුපට්ටම් කරල දාල යන්න එපා බන්.." ............🍃............ "කැප්ටන් ස්නේහ වික්‍රමනායක....?" "මට කියපන් දේශ් උඹ ම...