විසි අටවෙනි පරිච්ඡේදය

234 25 20
                                    

"හා හා ෆෙඩ්‍රික් කොටුව බැහැගන්න... ෆෙඩ්‍රික් කොටුව ෆෙඩ්‍රික් කොටුව...''

"විශ්මිකයා අරූව වැටෙයි බං ගිහින් ගනින්කො"

"ෆෙඩ්‍රික් කොටුව ෆෙඩ්‍රික් කො-අහ්"

දේශ් බස් එකේ ෆුට් බෝඩ් එකේ ඉඳන් කෑගහද්දි මං ඒකව ඇදල ආය ඇතුළට අරන් මගෙ අත් අතරෙ හිර කරගත්තා..

"බ්‍රේක් ගැහුවොත් හොම්බෙන් යයි.."

"අපි මේව පුරුදු වෙන්න කරන වැඩ නෙමේනෙ සුදු මහත්තය"

මං ඔරවලා දේශ් දිහා බැලුවම එයා කටවහගත්තා. දෙන්න හිතෙනව ඇත්තටම කටට එකක්. පුදුම කටක් මේක එකක් කිව්වොත් දහයක් කියලයි නවතින්නෙ.. හිනාවෙලා දේශ්ගෙ කොණ්ඩෙ අව්ල් කරපු මම බස් එක නැවැත්තුවම දේශ් එක්ක හැමෝටම කලින් බැහැගත්තා...

"දැන් ගිහින් හැමෝම වැදගත් විදිහට ඉන්න ඕන. තේරුණා නෙ.. කොළඹ ලොකු ඉස්කෝලෙකින් ඇවිත් මාර චාටර් කියල අහගන්න බෑ අපිට හරි.. මම ආය ආය කියන්නෙ නෑ...එක්කෙනෙක්වත් කණ්ඩායමෙන් පිට යන්න බෑ... වොශ් රූම් යන්න ඕන නම් තැනක් හොයාගන්නකල් මෙහෙම ඉන්න වෙනව තේරුණාද? ප්‍රශ්න ඇති කරගන්න බෑ.. ගියපාර මං හිතනව මතක ඇති කියලා.. වින්දුල අයියලා ඉද්දි ලොකූවට චාටර් උනා කියල. මේ පාර එහෙම වෙන්න බෑ හරී"

මං කියද්දි සේරම ඔළුව වැනුවා..

🍃

Desh pov...

මං මෙතෙන්ට කලින් ඇවිල්ලා තියනව.. මං කිව්වෙ ට්‍රින්කො ආව දෙපාරක් විතර ඩැඩාල එක්කයි, ඩැඩාගෙ යාලුවො එක්කයි.. පණ්ඩිත මගෙ හෙඩ් පිපෙට් අයිය ළමයින්ට උපදෙස් දෙනව මං බලාගන.. මෙයත් ඔය ළමයින්ගෙන් පිට පැනල මං එක්ක ගිහින් ෆොටෝ එක්කුත් ගැහුවා. මෙයා ඕව කියන්නෑ..

මං හිතුව තරහ උන ගමන මං එක්ක ආය කතා කරන එකක්ම නෑ කියල..

(ෆෙඩ්‍රික් කොටුව/ට්‍රයිකමලේ බලකොටුව)

(ෆෙඩ්‍රික් කොටුව/ට්‍රයිකමලේ බලකොටුව)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
White lotusWhere stories live. Discover now